DC digital copies released

DC digital copies released


ජනප්‍රිය දකුණු ඉන්දීය අධ්‍යක්ෂක Lokesh Kanagaraj ප්‍රධාන චරිතයෙන් රංගනයට පිවිසි නවතම දමිළ චිත්‍රපටය වන DC මේ වන විට Digital පිටපත් නිකුත් වී තිබෙනවා.

Arun Matheswaran විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ Lokesh Kanagaraj විසින් Devadas නැමැති චරිතයට පණපොවන අතර, Wamiqa Gabbi විසින් Chandra ලෙසත්, Sanjana Krishnamoorthy විසින් ද මීට රංගනයෙන් දායක වනවා. මෙහි සංගීත නිර්මාණ කටයුතු Anirudh Ravichander විසින් සිදු කර ඇති අතර, සම්භාව්‍ය ‘Devdas’ කතාන්දරය පාදක කරගනිමින් අපරාධ සහ පළිගැනීම් සහිත වෙනස්ම ක්‍රියාදාම මුහුණුවරකින් මෙය නිර්මාණය වී තිබීම ද විශේෂත්වයක්.

පසුගිය අගෝස්තු 7 වනදා ලොව පුරා සිනමාහල් වෙත නිකුත් වූ DC චිත්‍රපටය මෙම වසරේ අතිසාර්ථකම දමිළ චිත්‍රපටයක් බවට පත්වීමට ද සමත් වුණා. ඉන්දියානු රුපියල් කෝටි 25 ක පමණ පිරිවැයකින් නිර්මාණය වූ මෙය, ඉන්දියාව ඇතුළු ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඉන්දියානු රුපියල් කෝටි 101 කට අධික ආදායමක් උපයාගනිමින් කෝටි 100 බොක්ස් ඔෆිස් සීමාව පසුකර යාමට ද සමත් වී තිබෙනවා. Lokesh ගේ සාර්ථක රංගනය මෙන්ම Anirudh ගේ සංගීතය සහ ක්‍රියාදාම ජවනිකා සඳහා ප්‍රේක්ෂකයින්ගෙන් ඉහළම ප්‍රතිචාර හිමි වුණා.

Download කරගැනීම සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න