IT: Welcome to Derry drops surprise Halloween special episode A Story of Derry

IT: Welcome to Derry drops surprise Halloween special episode A Story of Derry

Halloween සැමරුමට සමගාමීව ප්‍රේක්ෂකයින් පුදුමයට පත් කරමින් IT: Welcome to Derry කතාමාලාවේ විශේෂ කථාංගයක් A Story of Derry නමින් මීට සුළු මොහොතකට පෙර නිකුත් කිරීමට HBO Max ආයතනය කටයුතු කර තිබෙනවා.

Halloween සැමරුමට සමගාමීව ප්‍රේක්ෂකයින් පුදුමයට පත් කරමින් කිසිඳු පෙර දැනුම්දීමක් නොමැතිව IT: Welcome to Derry කතාමාලාවේ විශේෂ කථාංගයක් අද හදිසියේම නිකුත් කිරීමට HBO Max ආයතනය කටයුතු කර තිබෙනවා. A Story of Derry ලෙස නම් කර ඇති මෙම විශේෂ කථාංගය මේ වන විට HBO Max වේදිකාව හරහා විකාශය වනවා.

මිනිත්තු 30 ක පමණ ධාවන කාලයකින් යුත් මෙම කථාංගය හරහා Derry නගරය තුළ Pennywise භීෂණය ආරම්භ වීමට වසර සිය ගණනකට පෙර අතීතය වෙත ප්‍රේක්ෂකයින් රැගෙන යනවා. මෙහි කතාවෙන් බටහිර වනාන්තරයට යන තරුණයින් තිදෙනෙකුට අතිශය භයානක පැරණි ආත්මයක් මුණගැසෙන අයුරු නිරූපණය වනවා. එසේම කතාමාලාවේ 4 වැනි කථාංගයෙන් මින් පෙර හඳුන්වා දුන් ආදිවාසී ජන කොටසක් වන Shokopiwath ගෝත්‍රයේ ආරම්භය මෙමගින් පෙන්නුම් කරනවා.

මෙම විශේෂ නිකුත් කිරීම සිදු වන්නේ කතාමාලාවේ දෙවන කතා සමය සඳහා HBO ආයතනය නිල වශයෙන් අනුමැතිය ලබා දී සති කිහිපයකට පසුව වීම ද විශේෂත්වයක්. 1935 වසරේ මහා ආර්ථික අවපාතය පසුබිම් කරගනිමින් නිර්මාණය වන දෙවන කතා සමය Derry නගරයේදී සිතාගත නොහැකි භීෂණයකට මුහුණ දෙන Bradley Gang නම් බැංකු කොල්ලකරුවන් පිරිසේ අතිශය බිහිසුණු ඝාතන මාලාව වටා ගෙතෙනු ඇති.