
Deweni Inima concludes its 9-year journey today
TV Derana නාලිකාව හරහා 2017 වසරේ පෙබරවාරි 06 වනදා සිට විකාශනය ආරම්භ වූ දෙවෙනි ඉනිම ටෙලි කතා මාලාව අද (04) දින නිල වශයෙන් අවසන් වීමට නියමිත වී තිබෙනවා.
Saman Edirimunee තිර රචනය කල කතාසමයන් 2ක් ඔස්සේ අඛණ්ඩව වසර 9කට අධික කාලයක් පුරාවට දිනපතා ප්‍රේක්ෂකයන් හමුවට පැමිණි මෙම ටෙලි වෘතාන්තය කොටස් 2500කට ආසන්න ප්‍රමාණයක් විකාශය කර තිබෙනවා.
මුල් කාල වකවානුවේදී වාර්තාගත නැරඹුම් වාර ලබාගැනීමට මෙයට හැකි වුවද, පසුකාලීනව කතාව අනවශ්‍ය ලෙස ඇදී යාම හේතුවෙන් මෙය සමාජ මාධ්‍ය තුළ මෙන්ම ප්‍රේක්ෂකයන් අතර ද දැඩි ප්‍රේක්ෂක අප්‍රසාදයට සහ විවේචනයට ලක් වුණා.
කෙසේ වෙතත් දශකයකට ආසන්න කාලයක් මෙරට ජනාධිපතිවරුන් සිව්දෙනෙකුගේ ධූර කාලයන් පසුකරමින් ලාංකේය ටෙලිනාට්‍ය ක්ෂේත්රය තුළ දැවැන්ත කතාබහක් නිර්මාණය කළ Deweni Inima කතා මාලාවේ අවසන් කතාංගය අද රාත්රියේදී මෙලෙස විකාශය වනු ඇති.
Discussion
No comments yet — start the conversation.