Dhanush Maari 3 is in early development.

Dhanush Maari 3 is in early development.

Maari 3 චිත්‍රපටයේ මූලික වැඩකටයුතු ආරම්භ කරයි.

දකුණු ඉන්දීය නළු Dhanush විසින් Maari 3 චිත්‍රපටය සඳහා සූදානම් වන බවට වාර්තා වනවා. ඒ අනුව ඔහු විසින් එහි අධ්‍යක්ෂක Balaji Mohan වෙත චිත්‍රපටයේ කතාව සම්බන්ධයෙන් එක් වාක්‍යයක කෙටි අදහසක් (One-liner idea) ලබා දී ඇති අතර, ඒ ඔස්සේ සම්පූර්ණ තිර පිටපතක් නිර්මාණය කරන ලෙස ඔහුට පවසා තිබෙනවා.

2015 වසරේදී තිරගත වූ Maari පළමු චිත්‍රපටය මෙන්ම 2018 වසරේදී Sai Pallavi ගේ රංගනයෙන් හැඩ වූ Maari 2 චිත්‍රපටය ද අධ්‍යක්ෂණය කරනු ලැබුවේ Balaji Mohan විසිනි. පළමු චිත්‍රපටය අතිවිශාල වාණිජමය සාර්ථකත්වයක් අත්කර ගත්ත ද, දෙවන චිත්‍රපටයට බලාපොරොත්තු වූ තරම් ආදායම් වාර්තා අතර පෙරළියක් සිදු කිරීමට හැකි වූයේ නැහැ. එසේ වුවද Dhanush සිය ජනප්‍රිය Gangster චරිතය නැවතත් ප්‍රේක්ෂකයින් හමුවට ගෙන ඒමට දැඩි උනන්දුවකින් පසුවන බවයි පැවසෙන්නේ.

පළමු Maari චිත්‍රපටයේ අතිශය ජනප්‍රිය වූ සංගීතය නිර්මාණය කළ Anirudh Ravichander නැවතත් මෙම තුන්වන චිත්‍රපටය සඳහා එක්වනු ඇති බවට ද රාවයක් පැතිර යනවා. Maari 2 චිත්‍රපටයේ සංගීත කටයුතු සිදු කරනු ලැබුවේ Yuvan Shankar Raja විසිනි. කෙසේ වෙතත් මෙම Maari 3 ව්‍යාපෘතිය තවමත් පවතින්නේ මූලික අදියරේ වන අතර, මේ දිනවල Dhanush අධ්‍යක්ෂ Rajkumar Periyasamy ගේ Om ඇතුළු තවත් චිත්‍රපට ව්‍යාපෘති කිහිපයකම වැඩකටයුතු සඳහා කාර්යබහුල වී සිටිනවා.