Disney Becomes the First Studio to Pass $2 Billion at the Global Box Office in 2026

Disney Becomes the First Studio to Pass $2 Billion at the Global Box Office in 2026


2026 වසරේ ගෝලීය බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 2 සීමාව ඉක්මවා ගිය ලොව පළමු සිනමා චිත්‍රාගාරය බවට පත්වීමට Disney සමාගම සමත්ව තිබෙනවා. වසරේ මුල් මාස පහ ඇතුළත මෙම සුවිශේෂී කඩඉම පසු කිරීමට ඔවුන්ට හැකි වී ඇති අතර, මේ සඳහා 2026 වසරේ නිකුත් වූ නව චිත්‍රපට මෙන්ම 2025 වසරේ අගභාගයේ නිකුත් වූ චිත්‍රපටවල සාර්ථකත්වය ද බෙහෙවින් බලපා තිබෙනවා.

මෙවර ඩිස්නි සමාගමේ ආදායම් වාර්තා අලුත් කිරීමට ප්‍රධාන වශයෙන්ම දායක වූයේ පසුගියදා නිකුත් වූ The Devil Wears Prada 2 චිත්‍රපටයයි. එය මේ වන විටත් ඩොලර් මිලියන 433.2ක ආදායමක් උපයා ඇති අතර, සජීවීකරණ චිත්‍රපටයක් වන 'Hoppers' ඩොලර් මිලියන 371.6 සහ 'Send Help' ඩොලර් මිලියන 94 වැනි නිර්මාණ ද මෙයට විශාල ශක්තියක් වී තිබෙනවා. මීට අමතරව 2025 වසරේ නිකුත් වූ 'Avatar: Fire and Ash' සහ 'Zootopia 2' යන දැවැන්ත නිර්මාණ දෙක 2026 වසරේදී ද දිගින් දිගටම ප්‍රදර්ශනය වෙමින් තවත් ඩොලර් බිලියනයක පමණ ආදායමක් ඩිස්නි වෙත රැගෙන ඒමට සමත් වුණා.

ඉදිරියේදී තිරගත වීමට නියමිත 'The Mandalorian and Grogu' (මැයි 22), 'Toy Story 5' (ජූනි 19) සහ 'Moana' (ජූලි 10) වැනි චිත්‍රපට සමඟින් ඩිස්නි සමාගමේ මෙම ආදායම් වාර්තාව තවදුරටත් ඉහළ යනු ඇති.