Tom Holland becomes the highest grossing actor of all time worldwide.

Tom Holland becomes the highest grossing actor of all time worldwide.

Zoë Saldaña පසු කරමින් Tom Holland සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපයූ රංගන ශිල්පියා බවට පත්වෙයි, ඒ අනුව ප්‍රධාන රංගන දායකත්වයන් හරහා Tom Holland මේ වන විට උපයා ඇති සමස්ත ලෝක බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 15.5 ක් පමණ වන අතර, එය Zoë Saldaña විසින් දිගු කලක් තිස්සේ රඳවාගෙන සිටි ඩොලර් බිලියන 15.47 ක වාර්තාව මෙන්ම Scarlett Johansson සතු වූ ඩොලර් බිලියන 15.40 ක වාර්තාව ද අභිබවා යාමක් වනවා.

ඒ අනුව සිනමා ඉතිහාසයේ වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් උපයාගත් පළමු රංගන ශිල්පීන් 10 දෙනා සහ ඒ සඳහා ඔවුන් දායක වූ චිත්‍රපට සංඛ්‍යාව පහත පරිදි වනවා:

Tom Holland - ඇ.ඩො බිලියන 15.50 (චිත්‍රපට 24)

Zoë Saldaña - ඇ.ඩො බිලියන 15.47 (චිත්‍රපට 33)

Scarlett Johansson - ඇ.ඩො බිලියන 15.40 (චිත්‍රපට 36)

Chris Pratt - ඇ.ඩො බිලියන 15.16 (චිත්‍රපට 29)

Samuel L. Jackson - ඇ.ඩො බිලියන 14.61 (චිත්‍රපට 70)

Robert Downey Jr. - ඇ.ඩො බිලියන 14.31 (චිත්‍රපට 45)

Tom Cruise - ඇ.ඩො බිලියන 13.36 (චිත්‍රපට 45)

Chris Hemsworth - ඇ.ඩො බිලියන 12.18 (චිත්‍රපට 31)

Vin Diesel - ඇ.ඩො බිලියන 12.04 (චිත්‍රපට 28)

Chris Evans - ඇ.ඩො බිලියන 11.48 (චිත්‍රපට 29)

වයස අවුරුදු 47 ක් වන Zoë Saldaña සහ වයස අවුරුදු 41 ක් වන Scarlett Johansson ඇතුළු ප්‍රවීණ නළු නිළියන් දශක ගණනාවක දිගු සිනමා දිවියක් හරහා මෙම ආදායම් වාර්තා කරා ළඟා වී ඇති පසුබිමක, වයස අවුරුදු 30 ක් වැනි ලාබාල වියේදීම Tom Holland මෙම සුවිශේෂී ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වීම සහ මුල් පෙළේ සෙසු බොහෝ රංගන ශිල්පීන්ට වඩා අඩුම චිත්‍රපට සංඛ්‍යාවකින් (චිත්‍රපට 24 කින් පමණක්) මෙම දැවැන්ත කඩඉම කරා ළඟාවීමට ඔහුට හැකිවීම විශේෂත්වයක් වෙනවා.

මෙම දැවැන්ත වාර්තාව සඳහා 2026 වසරේදී නිකුත් වූ ඔහුගේ ප්‍රධාන චිත්‍රපට 2 ක් සෘජුවම බලපා තිබෙනවා. ඉන් පළමුවැන්න වන Spider-Man: Brand New Day චිත්‍රපටය මේ වන විටත් ලොව පුරා ඩොලර් බිලියන 2.41 කට අධික ආදායමක් උපයා ගෙන ලොව වැඩිම ආදායමක් ලද චිත්‍රපට අතර 3 වන ස්ථානයට පත්ව තිබෙනවා, Christopher Nolan ගේ අධ්‍යක්ෂණයක් වන The Odyssey චිත්‍රපටය ඩොලර් බිලියන 1.6 කට අධික ආදායමක් උපයාගෙන ලොව වැඩම ආදායමක් ලද R-Rated චිත්‍රපටය බවට පත්ව තිබෙනවා.

2016 වසරේදී Captain America: Civil War හරහා Marvel සිනමා විශ්වයට එක්වූ ඔහු, ඉන් අනතුරුව Avengers: Infinity War, Avengers: Endgame මෙන්ම Spider-Man: Far From Home සහ Spider-Man: No Way Home වැනි ඩොලර් බිලියනය සහ බිලියන 2 ඉක්මවූ අතිදැවැන්ත චිත්‍රපට රැසකටම සිය රංගන දායකත්වය ලබාදුන්නා.

ඉදිරියේදී ඔහුගේ 5 වන Spider-Man චිත්‍රපටයක් මෙන්ම තවත් MCU චිත්‍රපට සඳහා ද ඔහු එක්වීමට නියමිත බැවින්, මෙම ලැයිස්තුවේ ඔහු තබා ඇති වාර්තාව ඉදිරි වසර කිහිපය තුළ තවදුරටත් ඉහළ යනු ඇතියි.