
Drishyam 3 becomes the 4th highest-grossing Malayalam movie worldwide
ඉන්දීය රුපියල් කෝටි ₹238.73 ක ආදායමක් ලබා ගනිමින් Drishyam 3 ලොව පුරා වැඩිම ආදායමක් උපයාගත් මලයාලම් චිත්‍රපට අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා.
මීට පෙර 2013 වසරේදී තිරගත වූ මුල්ම Drishyam චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 75 ක ආදායමක් ලබාගත් අතර, 2021 වසරේදී සෘජුවම OTT මාධ්‍ය ඔස්සේ නිකුත් වූ Drishyam 2 චිත්‍රපටය ඩිජිටල් අයිතීන් විකිණීමෙන් පමණක් ඉන්දීය රුපියල් කෝටි 100 කට අධික වටිනාකමක් වාර්තා කරනු ලැබුවා. Covid-19 හේතුවෙන් එය සිනමාශාලවල තිරග නොවීය.
ඒ අනුව ලොව පුරා වැඩිම ආදායමක් ලද මලයාලම් චිත්‍රපට ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවන්නේද Mohanlal ප්‍රධාන රංගනයෙන් දායක වන L2: Empuraan චිත්‍රපටය වීම විශේෂත්වයක්.
Discussion
No comments yet — start the conversation.