Drishyam 3 grossed ₹100 crores in just 3 days.

Drishyam 3 grossed ₹100 crores in just 3 days.

මලයාලම් සිනමාවේ දැවැන්තම පෙරළියක් සිදුකරමින් තිරගත වීම ආරම්භ කළ Jeethu Joseph විසින් අධ්‍යක්ෂණය කල Drishyam චිත්‍රපට මාලාවේ තෙවන දිගහැරුම වන Drishyam 3 චිත්‍රපටය, දින 3ක් වැනි ඉතා කෙටි කාලයක් ඇතුළත ආදායම ඉන්දීය රුපියල් කෝටි 100 සීමාව පසු කිරීමට සමත් වී තිබෙනවා.

ඒ අනුව මලයාලම් සිනමා ඉතිහාසය තුළ වේගයෙන්ම කෝටි 100 සීමාව පසු කළ දෙවන චිත්‍රපටය බවට Drishyam 3 මේ වන විට නිල වශයෙන් පත් වී අවසන්. මීට පෙර දින 2ක් වැනි වාර්තාගත කාලයක් ඇතුළත මෙම සීමාව පසු කරමින් එහි පළමු ස්ථානයේ රැඳී සිටින්නේ Drishyam චිත්‍රපට මාලාවේ ප්‍රධන නළු Mohanlal රංගනයෙන් දායක වන Empuraan චිත්‍රපටය වීම ද තවත් විශේෂත්වයක්.