Ramayana crosses ₹1,000 crore worldwide, becomes 11th Indian film to hit the milestone

Ramayana crosses ₹1,000 crore worldwide, becomes 11th Indian film to hit the milestone

නිතේෂ් තිවාරි අධ්‍යක්ෂණය කළ Ramayana: Part 1 හෙවත් Ramayana: Rise of a Legend චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඉන්දීය රුපියල් කෝටි 1000 ක ආදායම් සීමාව පසු කිරීමට සමත් වී තිබෙනවා. ඒ අනුව මෙම දැවැන්ත කඩඉම පසුකළ 11 වන ඉන්දීය චිත්‍රපටය ලෙස මෙය ඉතිහාසයට එක්වනවා.

නොවැම්බර් 5 වනදා තිරගත වීම ආරම්භ කළ මෙහි 8 වන දිනය අවසන් වන විට සමස්ත ගෝලීය ආදායම කෝටි 1,033.55 ක් ලෙස සටහන් වූ අතර, ඉන් කෝටි 675 ක් ඉන්දියාවෙන් ද, කෝටි 358.50 ක් විදෙස් රටවලින් ද උපයාගෙන තිබුණා. 9 වන දිනය වන විට මෙහි සමස්ත ආදායම කෝටි 1,100 ක සීමාව ද පසු කර තිබීම විශේෂත්වයක්.

දින 7 කින් මෙම කඩඉම පසුකළ Pushpa 2: The Rule සහ Dhurandhar 2: The Revenge චිත්‍රපටවලට පසුව, කෝටි 1000 සීමාවට වේගයෙන්ම ළඟා වූ තුන්වන ඉන්දීය චිත්‍රපටය වන්නේ ද මෙයයි. දීපවාලි නිවාඩු සමය සහ විදෙස් රටවලින් ලැබුණු ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මීට දැඩි සේ බලපා ඇති අතර, මේ වන විටත් Animal සහ Pathaan වැනි චිත්‍රපට ඉන්දියාව තුළ ලබාගත් සමස්ත ආදායම් වාර්තා බිඳ හෙළීමට ද මෙය සමත් වී තිබෙනවා.

මෙතෙක් ලොව පුරා ඉන්දීය රුපියල් කෝටි 1,000 සීමාව පසු කළ ඉන්දීය චිත්‍රපට ලැයිස්තුව:

1. Dangal – කෝටි 2,070
2. Dhurandhar 2 – කෝටි 1,813
3. Baahubali 2 – කෝටි 1,788
4. Pushpa 2 – කෝටි 1,742
5. Dhurandhar – කෝටි 1,307
6. RRR – කෝටි 1,230
7. KGF 2 – කෝටි 1,215
8. Jawan – කෝටි 1,160
9. Pathaan – කෝටි 1,055
10. Kalki – කෝටි 1,042
11. Ramayana – කෝටි 1,030+

රන්බීර් කපූර්, සායි පල්ලවී සහ යෂ් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙහි රවී දුබේ, සනී ඩියෝල්, අරුන් ගෝවිල් සහ ලාරා දත්තා ද සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වනවා. ඉන්දීය සිනමා ඉතිහාසයේ අධිකම පිරිවැයක් දරා නිර්මාණය කළ චිත්‍රපට අතරට එක්වන මෙය නමිත් මල්හෝත්‍රාගේ Prime Focus Studios, DNEG සහ යෂ්ගේ Monster Mind Creations හි ඒකාබද්ධ නිෂ්පාදනයක්.