Drishyam 4 චිත්‍රපටයක් නිර්මාණය කරන බවට නිළ වශයෙන් නිවේදනය කරයි

Drishyam 4 චිත්‍රපටයක් නිර්මාණය කරන බවට නිළ වශයෙන් නිවේදනය කරයි

ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ Drishyam චිත්‍රපට මාලාවේ 4 වන දිගහැරුම වන Drishyam 4 චිත්‍රපටය පිළිබඳව මේ වන විට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. අදාළ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා සහ එහි අධ්‍යක්ෂක Jeethu Joseph විසින් මේ බව තහවුරු කර තිබෙනවා.

මීට පෙර නිකුත් වූ මෙම චිත්‍රපට මාලාවේ මුල් චිත්‍රපට ද්විත්වය ප්‍රේක්ෂකයින් අතර දැඩි ජනප්‍රියත්වයක් දිනාගැනීමට සමත් වුවත්, අවසන් වරට නිකුත් වූ 3 වන චිත්‍රපටය සඳහා ප්‍රේක්ෂකයින්ගෙන් මෙන්ම විචාරකයින්ගෙන් ද ලැබී තිබුණේ තරමක් අඩු ප්‍රතිචාර මට්ටමක්. කෙසේ වෙතත් මෙම නවතම චිත්‍රපටය හරහා ඔවුන් යළිත් සාර්ථකත්වයක් අත්කර ගනු ඇති බවට සිනමා ලෝලීන් තුළ විශාල බලාපොරොත්තුවක් මේ වන විටත් නිර්මාණය වී තිබෙනවා. මෙම චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වන දිනයක් හෝ ඊට අදාළ වෙනත් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය කර නැහැ.