Lust Stories 3 released

Lust Stories 3 released


වැඩිහිටියන්ට පමණක් වඩාත් සුදුසු අන්තර්ගතයන් රැගත් අතිශය ජනප්‍රිය Lust Stories චිත්‍රපට මාලාවේ 3 වන දිගහැරුම වන Lust Stories 3 චිත්‍රපටය ඊයේ සිට ලොව පුරා Netflix හරහා නිල වශයෙන් නිකුත් වුනා. පෙර චිත්‍රපට මෙන්ම මෙය ද වෙනස් වූ කථාංග හෙවත් කෙටි චිත්‍රපට 4 ක එකතුවකින් සමන්විත වන අතර, නූතන ප්‍රේමය, ආශාවන් සහ සංකීර්ණ මානව සබඳතා පිළිබඳව විවිධ කෝණයන්ගෙන් මෙහිදී නිරූපණය කෙරෙනවා.


මෙවර මෙහි ඇතුළත් කෙටි චිත්‍රපට 4 අධ්‍යක්ෂණය කිරීම සඳහා Vikramaditya Motwane, Kiran Rao, Shakun Batra සහ Vishal Bhardwaj යන ප්‍රකට අධ්‍යක්ෂකවරුන් 4 දෙනා එක්ව සිටිනවා. RSVP Movies සහ Flying Unicorn Entertainment ආයතනවල ඒකාබද්ධ නිෂ්පාදනයක් ලෙස නිර්මාණය වී ඇති මෙහි රංගන ශිල්පීන් ලෙස බොලිවුඩයේ ජනප්‍රිය තරු රැසක් සිය දායකත්වය ලබා දී තිබෙනවා.


ඒ අනුව Radhika Apte, Konkona Sen Sharma, Vijay Varma, Abhishek Banerjee, Ali Fazal, Radhika Madan, Aditi Rao Hydari සහ Siddharth ඇතුළු ප්‍රවීණ මෙන්ම යොවුන් රංගන ශිල්පීන් රැසක් මෙහි ප්‍රධාන චරිත සඳහා එක්ව සිටිනවා.