Dua Lipa files $15 MILLION lawsuit against Samsung alleging the manufacturer used her face to sell TVs without compensation or permission.

Dua Lipa files $15 MILLION lawsuit against Samsung alleging the manufacturer used her face to sell TVs without compensation or permission.

ජනප්‍රිය ගායන ශිල්පිනී Dua Lipa විසින් ප්‍රමුඛ පෙළේ ඉලෙක්ට්‍රොනික සමාගමක් වන Samsung වෙත ඇමරිකානු ඩොලර් මිලියන 15ක (රුපියල් බිලියන 4.8 අධික) කැලිෆෝනියා ෆෙඩරල් අධිකරණයේ නඩු පවරා තිබෙනවා. ඇය මෙලෙස නඩු පවරා ඇත්තේ ඇයගේ අවසරයකින් තොරව Samsung TV ඇසුරුම්වල (Packaging) ඇයගේ රුව පාවිච්චි කිරීමට එරෙහිවයි.

2024 වසරේ Austin City Limits සංගීත උළෙල අතරතුර ලබාගත් ඇයගේ ඡායාරූපයක් මෙලෙස ඇසුරුම් පෙට්ටිවල මුද්‍රණය කිරීමට Samsung සමාගම කටයුතු කර තිබෙනවා. මේ නිසා ඇය Samsung නිෂ්පාදන සඳහා අනුමැතිය ලබා දුන් බවට පාරිභෝගිකයින් වැරදි ලෙස වටහාගෙන ඇති බව ඇයගේ නීතිඥයින් පවසනවා. මීට පෙර ඇයගේ කණ්ඩායම විසින් මෙම රුව ඉවත් කරන ලෙස දැනුම් දුන්නද Samsung සමාගම එය නොසලකා හැර ඇති බවයි වාර්තා වන්නේ, මෙම නඩුව හරහා ඇයගේ පෞද්ගලික රූපය අවභාවිත කිරීම සහ ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සාධාරණ වන්දියක් ඇය අපේක්ෂා කරනවා.