
Environment Minister Dr.Dammika Patabendi Patabendi disables Facebook comments amid public outrage over elephant Kawanthissa’s death
ශ්රී ලංකාවේ උසම සහ විශාලතම ඇතා ලෙස සැලකෙන කාවන්තිස්ස ඇතාගේ අකල් මරණයත් සමඟ සමාජ මාධ්ය ඔස්සේ එල්ල වන දැඩි ජනතා විරෝධය හමුවේ, පරිසර අමාත්ය ධම්මික පටබැඳි සිය නිල ෆේස්බුක් පිටුවේ අදහස් දැක්වීම (Comments) අවහිර කිරීමට පියවර ගෙන තිබෙනවා.
වෙඩි වැදීමකින් පාදයට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් පීඩා විඳි කාවන්තිස්ස ඇතාට නිසි වේලාවට වෛද්ය ප්රතිකාර ලබා දීමට වනජීවී බලධාරීන් සහ රජය අපොහොසත් වීම මෙම මරණයට සෘජු හේතුව බවටයි ජනතාව චෝදනා කරන්නේ.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසුව විෂය භාර අමාත්යවරයා ලෙස ධම්මික පටබැඳිගේ නිල ෆේස්බුක් පිටුවට පිවිසි විශාල පිරිසක් බලධාරීන්ගේ වගකීම් විරහිත ක්රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් සටහන් තබා තිබුණා.
එලෙස දිගින් දිගටම එල්ල වන දැඩි විරෝධය හමුවේ අමාත්යවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ අදහස් දැක්වීමේ හැකියාව මේ වන විට සීමා කර ඇති අතර, අමාත්ය ධුර ලැබීමට පෙර භාෂණයේ සහ අදහස් ප්රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකුම බලයට පත්වීමෙන් පසු මෙලෙස ජනතාවගේ සමාජ මාධ්ය අදහස් දැක්වීම් පවා සීමා කිරීම හාස්යයට කරුණක්.
Discussion
No comments yet — start the conversation.