
Eric Kripke says The Boys series finale is around 1 hour & 5 minutes long.
The Boys කතාමාලාවේ අවසන් කතාංගය (series finale) පැය 1යි මිනිත්තු 5ක පමණ කාලසීමාවකින් යුක්ත වන බව එහි නිර්මාණකරු වන Eric Kripke ප්රකාශ කර තිබෙනවා. බොහෝ රසිකයන් මෙහි අවසාන කොටස ඉතා දිගු සිනමාපටයක් වැනි එකක් වනු ඇතැයි අපේක්ෂා කළද, කතාව අනවශ්ය ලෙස ඇදගෙන යාම වළක්වා ගැනීම සඳහා මෙම තීරණය ගත් බවයි ඔහු පවසන්නේ.
Eric Kripke වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ තමන් විනාඩි 90ක පමණ දැවැන්ත අවසාන කොටසක් නිර්මාණය කිරීමට උත්සාහ නොකළ බවයි. එලෙස කතාව ඕනෑවට වඩා දිගු කළහොත් නරඹන්නන් අපහසුතාවයට සහ කම්මැලි වන බවට ඔහු පෙන්වා දෙනවා. එම නිසා මෙම පැය 1යි විනාඩි 5ක කාලසීමාව කතාවේ කුතුහලය උපරිමයෙන් තබා ගනිමින් අවසන් කිරීමට වඩාත්ම සුදුසු කාලය බව ඔහු අවධාරණය කරනවා.
Discussion
No comments yet — start the conversation.