Evidence-Based Response to the Complaint Filed Against The Sri COM with the CID by Galgamuwa Divisional Secretary Chaminda Prasad

Evidence-Based Response to the Complaint Filed Against The Sri COM with the CID by Galgamuwa Divisional Secretary Chaminda Prasad

ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් චාමින්ද ප්‍රසාද් The Sri COM අපිට විරුද්ධව “රාජ්‍ය නිළධාරියෙකුට අපහාස කිරීම, කීර්ති නාමයට හානි කිරීම, ජීවිත තර්ජන ඇති වන ලෙස කටයුතු කිරීම” යනුවෙන් චෝදනා කරමින් CID එකට දැම්මා කියන පැමිණිල්ලට සාක්ෂි සහිතව පිළිතුරු

කාවන්තිස්ස ඇතාගේ ප්‍රතිකාර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කළ කාන්තාවකට අසභ්‍ය වචනයෙන් බැණ වැදීමේ සිදුවීම අප විසින් හෙළිදරව් කිරීමත් සමඟ, ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කේ.පී. චාමින්ද මහතා මේ වන විට දැඩි කලබලයට පත්ව ඇත. ඒ අනුව ඔහු විසින් අප (The SriCOM) ඇතුළු පාර්ශව කිහිපයකට එරෙහිව පොලිස්පතිතුමා වෙත පැමිණිල්ලක් යොමු කර තිබේ.

පළමුවෙන්ම, අපගේ පෙර සටහනේ ඔහුගේ තනතුර “ප්‍රාදේශීය සභා ලේකම්” ලෙස සඳහන් වීම නිවැරදි කරමින්, ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) නිලධාරියෙකු වන “ගල්ගමුව ප්‍රාදේශීය ලේකම්වරයා” බව නිවැරදි කර සිටිමු. එනම්, ඔහු දරන්නේ අප සිතුවාටත් වඩා ඉහළ වගකීමක් සහ විනයක් තිබිය යුතු රාජ්‍ය තනතුරකි. 😎(thanks for the info)

නමුත්, මෙම පරිපාලන සේවා නිලධාරියා තමන්ගේ වරද වසා ගැනීමට පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියේ සහ සමාජ මාධ්‍ය හැසිරීමේ ඇති හාස්‍යජනක බොරු සහ පරස්පරතාවයන් සාක්ෂි සහිතව රට හමුවේ තැබීමට අපි තීරණය කළෙමු:

  1. ෆේස්බුක් එකට "හැක්" (Hack) - පොලීසියට "ෆේක්" (Fake)
    අද දින ප්‍රාදේශීය ලේකම් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ "මාගේ fb එක හැක් වි ඇති බැවින් මගෙ ලෙස එන කිසිම දෙයකට වගකියනු නොලැබේ" යනුවෙනි. (මෙහි සියලුම Screenshots අප සතුව සුරක්ෂිතව ඇත). නමුත්, ඔහු පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිඛිත පැමිණිල්ලේ (05 සහ 07 වගන්තිවල) පවසන්නේ තම ගිණුම හැක් වූ බවක් නොව, කිසියම් පිරිසක් තමන්ගේ ඡායාරූප යොදාගෙන ව්‍යාජ ගිණුමක් (Fake Account) සකසා අදාළ කමෙන්ටුව දමා ඇති බවයි!

ගරු ප්‍රාදේශීය ලේකම් අඩු මොළයෝ

◉ ගිණුමක් හැක් වීම (Hacking) යනු ඔබගේම සැබෑ ගිණුමේ පාලනය වෙනත් අයෙකු අතට පත්වීමයි.

◉ ව්‍යාජ ගිණුමක් (Fake Account) යනු ඔබගේ නමින් සහ ඡායාරූපයෙන් වෙනත් අයෙකු අලුතින්ම සාදන ලද ගිණුමකි. ඔබ නිදොස් නම්, මුලින් ගිණුම "හැක් වූ" බව පවසා, පැය කිහිපයක් ඇතුළත පොලිස් පැමිණිල්ලේදී එය "ව්‍යාජ ගිණුමක්" ලෙස වෙනස් වූයේ කෙසේද?

  1. ප්‍රොෆයිල් ලොක්/අන්ලොක් කරමින් දාපු "හැකින්" නාඩගම
    මෙහි හොඳම විහිළුව නම්, අප විසින් මෙම සිදුවීම හෙළිදරව් කළ සැණින් කලබල වූ ලේකම්වරයා වහාම තම ෆේස්බුක් ගිණුම ලොක් (Profile Lock) කර ගැනීමයි. ඉන්පසු ගිණුම ලොක් කරගෙන සිටි කාලය තුළත් (එනම් ඔහුගේ ගිණුම හැක් වී තිබුණා යැයි කියන කාලය තුළත්) ඔහු විසින්ම සාමාන්‍ය පරිදි තම ගිණුමේ පෝස්ට් පළ කර ඇත! පසුව නැවතත් අද දින ගිණුම Unlock කර, සියල්ලන්ටම පෙනෙන ලෙස "මගේ ගිණුම හැක් වී ඇත" යනුවෙන් පෝස්ටුවක් දමා තිබේ! ගිණුමක් හැක් වූ විට එහි පාලනය අහිමි වන බවවත් නොදන්නා ලේකම්වරයා, තමන්ට අවශ්‍ය වේලාවට ප්‍රොෆයිල් ලොක් කරමින්, පෝස්ට් දමමින් සහ නැවත අන්ලොක් කරමින් රඟදැක්වූ මෙම බොළඳ නාඩගමේ සියලුම සාක්ෂිද අප සතුව ඇත!
  1. ජනාධිපතිවරයා ගැන “ව්‍යාජ පුවත්” දැමූ බවට කරන බොරු චෝදනාව
    ලේකම්වරයා තම පැමිණිල්ලේ 08 සහ 10 වගන්තිවල සඳහන් කරන්නේ The SriCOM විසින් 2026.10.18 දින ජනාධිපතිතුමාවද සම්බන්ධ කරමින් ව්‍යාජ පුවතක් (Fake News) පළ කළ බවයි.

අප එදින වාර්තා කළේ, කාවන්තිස්ස ඇතාගේ වියෝවෙන් රටම කම්පා වී සිටින මොහොතක ජනාධිපතිවරයාගේ නිල සමාජ මාධ්‍ය ගිණුමේ ඒ පිළිබඳව කිසිදු ශෝක ප්‍රකාශයක් පළ වී නොමැති බවත්, ඒ වෙනුවට බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ ප්‍රචාරණ කටයුතු පමණක් සිදු කෙරෙමින් පවතින බවත්ය.

අදටත්, මේ මොහොත වන විටත් ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ කාවන්තිස්ස ඇතා සම්බන්ධයෙන් කිසිදු සටහනක් පළ වී නොමැත! ඕනෑම අයෙකුට දැන් වුවද ජනාධිපතිවරයාගේ නිල පිටුව පරීක්ෂා කර එය තහවුරු කරගත හැකිය. සත්‍ය කරුණක් "ව්‍යාජ පුවතක්" වන්නේ කෙසේද? තමන් කළ වරදින් ගැලවීම සඳහා ජනාධිපතිවරයාගේ සහ රජයේ නම ඈඳා ගනිමින් ඉහළ බලධාරීන් ලවා අපව මර්දනය කිරීමට ඔබ දරන උත්සාහය ඉතා බොළඳය.

  1. තම පැමිණිල්ලේ 09 වන වගන්තියේ අඩු මොළ චාමින්ද සඳහන් කරන්නේ "Top News Lk" නමැති ආයතනයක් ඔහු පිළිබඳව පළ කළ පෝස්ටුවක් Lanka Factcrescendo ආයතනය විසින් ව්‍යාජ එකක් බවට තහවුරු කර ඇති බවයි. (ඔව් ඒක තහවුරු කරල තියෙනවා)
    හැබැයි, අපි (The SriCOM) විසින් ඔබට එරෙහිව දමා ඇති කිසිම පෝස්ටුවකට හෝ සටහනකට Sri Lanka Factcrescendo හෝ වෙනත් කිසිදු Fact Check ආයතනයකින් ව්‍යාජ කියල තහවුරු කරල නෑ ඒ වගේම අපගේ ඉතිහාසයේ කිසිදු කිසි දිනක Factcrescendo හෝ වෙනත් කිසිදු Fact Check ආයතනයකින් The Sri COM වන අප විසින් දමා ඇති කිසිම පෝස්ටුවකට හෝ සටහනකට “Fake” ලෙස නම් කර නැත! අප පළ කළ සත්‍ය හෙළිදරව් කිරීම් කිසිදු Fact Check ආයතනයකින් වැරදි යැයි පෙන්වා දී නැත. 😎
  2. සියලු සාක්ෂි අප සතුයි - තාක්ෂණික පරීක්ෂණයකට (CID) අපි සූදානම්

පරිගණක අපරාධ පනත යටතේ පරීක්ෂණයක් ඉල්ලා සිටීම ගැන අපි ඔබට ස්තූතිවන්ත වෙමු. අදාළ අසභ්‍ය ප්‍රතිචාරය පළ වූ ආකාරය, ප්‍රොෆයිල් ලොක් කරගෙන පෝස්ට් දැමූ ආකාරය සහ ගිණුම හැක් වූ බව පවසමින් දැමූ සටහන් ඇතුළු සියලුම තාක්ෂණික සාක්ෂි සහ Screenshots අප සතුව සුරක්ෂිතව පවතී. පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට (CID) ගිණුම්වල Activity Logs, URL සහ IP ලිපිනයන් පරීක්ෂා කර තත්පර ගණනකින් සත්‍යය හෙළි කරගත හැකිය.

අවසාන වශයෙන් ලේකම් අඩු මොළයට කෙටියෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි:

ජොබ් එක ගහලා යයි කියන බයට ඔබ ගත්ත ඔය “ආරක්ෂක පියවරෙන්” අන්තිමට කෙළවෙන්න යන්නේ ඔබටමයි! මොකද සාමාන්‍යයෙන් අපි රාජ්‍ය නිලධාරියෙක් ගැන පැමිණිල්ලක් කළාම ඕවා ගැන පරීක්ෂණ කරන්න කාලයක් යනවා සහ අපි පස්සෙන් ගියේ නැත්තන් පරීක්ෂණ කරන්නෙර් නෑ. හැබැයි දැන් ඔබම පොලිස්පතිගේ ඉඳන් ජනාධිපති ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව (PSC) වෙනකන්ම පිටපත් දාලා මේක ඉහළටම යවලා ඉවරයි!

ඉතින් ඔබේ ඔය පැමිණිල්ලට අපි ප්‍රසිද්ධියේම අභියෝග කරනවා:

  1. පුළුවන් නම් මුලින්ම ඔය පැමිණිල්ලට අපිව පොලීසියට හෝ CID එකට ගෙන්නලා පෙන්නන්න
  2. අපි ළඟ තියෙන සාක්ෂි එළියට දැම්මම සහ තාක්ෂණික පරීක්ෂණයෙන් ඇත්ත හෙළිවුණාම, පොලිස්පතිටත් බොරු ලියුම් දීපු ඔය පැමිණිල්ලෙන් කොහොමත් අන්තිමට කෙළවෙන්නේ උඹට තමයි 😂

ලේකම් අඩු මොලයෝ හොයල බලන්න The SriCOM කියන්නේ අවුරුදු ගානක ඉදල ගොඩක් ඔය වගේ ජරා රාජකාරී හරියට නොකරන, මහජනතාව පීඩාවට පත් කරන රාජ්‍ය නිලධාරීන්ගේ සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගේ රැකියා අහිමි කරමින්, ස්ථාන මාරුවීම් ලබා දෙමින් සහ තවත් සමාජ ප්‍රශ්න වලට කතා කරපු ටීම් එකක් ඉන්න තැනක අපේ website එකට ගියාම අපේ team එක කරපු වැඩ බලාගන්න පුලුවන් thesricom.lk එහෙම ඔය ලියුම් කෑලි වලට බයේ පැමිණිලි වලට බයේ දේවල් අත ඇරල දාන අය නෙමේ කියලත් චාමින්දට මතක් කරන්න කැමති