
Nation mourns Kawanthissa’s death while President Anura Kumara Dissanayake’s official social media promotes party convention
කාවන්තිස්ස ඇතාගේ වියෝවෙන් රටම කම්පා වෙද්දී ජනාධිපති මාධ්ය අංශය කාන්තා සමුළුවක ප්රචාරණ කටයුතුවල
අද දිනයේදී ජීවිතක්ෂයට පත්වූ ශ්රී ලංකාවේ උසම සහ විශාලතම ඇතා ලෙස සැලකෙන කාවන්තිස්ස ඇතාට රජය විසින් නිසි වේලාවට ප්රතිකාර ලබා දීමට පියවර නොගැනීම හේතුවෙන් මෙම අවාසනාවන්ත මරණය සිදුව ඇති බවට මේ වන විට දැඩි චෝදනා එල්ල වෙමින් තිබෙනවා.
වෙඩි වැදීමකින් පාදයට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් පීඩා විඳි මෙම දැවැන්තයාගේ අකල් වියෝව සම්බන්ධයෙන් සමස්ත ශ්රී ලාංකිකයන්ම දැඩි කම්පනයට පත්ව සමාජ මාධ්ය ඔස්සේ තම ශෝකය ප්රකාශ කරමින් සිටිනවා.
එවන් පසුබිමක ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නිල මාධ්ය අංශය විසින් මෙම ජාතික සම්පතේ අහිමිවීම පිළිබඳව මේ දක්වා කිසිදු නිල සටහනක් හෝ ශෝක ප්රකාශයක් පළ කර නොමැති වීම විශේෂත්වයක්.
ඒ වෙනුවට ඔක්තෝබර් 18 වැනි ඉරිදා පෙරවරු 9.30 ට බදුල්ල සේනානායක පිටියේදී “අපේ ආණ්ඩුව - වසර දෙකයි රටට සුබයි” යන තේමාව යටතේ පැවැත්වීමට නියමිත බදුල්ල දිස්ත්රික් කාන්තා සමුළුව පිළිබඳව ප්රචාරණ කටයුතු සිදු කිරීමට පමණක් ඔවුන් කටයුතු කර තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.