
Facebook and Instagram experience a massive global outage
ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් දෛනිකව භාවිතා කරන Facebook සහ Instagram සමාජ මාධ්ය ජාලා මේ වන විට හදිසි බිඳවැටීමකට ලක්ව තිබෙනවා. පසුගිය පැයක පමණ කාලයක සිට බොහෝ පරිශීලකයන්ට තම ගිණුම් වෙත පිවිසීමට හෝ නව තොරතුරු යාවත්කාලීන කිරීමට නොහැකි වී තිබෙනවා
Meta සමාගමට අයත් මෙම ප්රධාන යෙදුම් ද්විත්වයම එකවර මෙලෙස තාක්ෂණික දෝෂයකට ලක්වීමට නිශ්චිත හේතුවක් මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නැහැ. කෙසේ වෙතත් පැයකට ආසන්න කාලයක් පුරාවට පවතින මෙම හදිසි බිඳවැටීම හේතුවෙන් ශ්රී ලංකාව තුළ මෙන්ම සමස්ත ලෝකයේම සිටින සමාජ මාධ්ය පරිශීලකයන් මේ වන විට දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව සඳහන් වනවා.
මෙම තත්ත්වයත් සමඟ 𝕏 වැනි වෙනත් සමාජ මාධ්ය වේදිකා හරහා පරිශීලකයන් මෙම ගැටලුව පිළිබඳව අඛණ්ඩව අදහස් දක්වමින් සිටිනවා. අදාළ තාක්ෂණික දෝෂය පිළිබඳව අවධානය යොමු කර ඇති Meta සමාගමේ තාක්ෂණික කණ්ඩායම්, පද්ධතිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි තවදුරටත් වාර්තා වන්නේ.
Discussion
No comments yet — start the conversation.