
FIFA 2026
පාපන්දු ක්රීඩාවේ අග්රගන්යම තරඟාවලිය වන 2026 FIFA පාපන්දු ලෝක කුසලානය අද මධ්යම රාත්රියේදී ආරම්භ වෙනවා. මෙවර රටවල් 3 ක ලෝක කුසලානය පැවැත්වෙන නිසා සමාරම්භක උළෙලවල් 3 ක් අපට බලාගන්න පුළුවන්.
එහි පළමු සමාරම්භක උළෙල මෙක්සිකෝව සහ දකුණු අප්රිකාව තරඟයට පෙරාතුව මෙක්සිකෝවේ ඇස්ටෙකා සුප්රසිද්ධ ක්රීඩාංගනයේ පැවත්වීමට නියමිතයි.
දෙවන සමාරම්භක උළෙල ජුනි 13 දා අලුයම කැනඩාවේ ටොරොන්ටෝහි කැනඩාව සහ බොස්නියාව අතර තරඟයට පෙරාතුව ආරම්භ වීමට නියමිතයි.
තුන්වන සමාරම්භක උළෙල ජුනි 14 පාන්දර ඇමරිකා එක්සත් ජනපදයෙහි දි, ඇමරිකා එක්සත් ජනපදය හා පැරගුවේ අතර තරඟයට පෙරාතුව පැවත්වීමට නියමිතයි.
ඒ අනුව පාපන්දු ඉතිහාසයේ පළමු වතාවට තමයි සත්කාරක රාජ්යයන් 3 ක් විසින් පාපන්දු ලෝක කුසලානයක් සත්කාරකත්වය දරන්නේ සහ සමාරම්භක උළෙලවල් 3 ක් දින 3 කදී පවත්වන්නේ
ඒ වගේම මෙවර ලෝක කුසලානයේ දි තමයි පළමු වරට රටවල් 48 ක් ඛාණ්ඩ 12 කින් ලෝක කුසලාන සඳහා තරඟ වදින පළමු අවස්ථාව.
ඒ වගේම දින 39 ක් පුරාවට තරඟ 104 ක් මෙවර ලෝක කුසලානයේ පැවැත් වෙනවා. රටවල් 3 ක නිසා ටයිම් සොන් වෙනස් වෙන්න පුළුවන්.
කෙසේ වෙතත් මධ්යම රාත්රී 12.30 සිට පාන්දර 7.30 දක්වා කාලයන් ඇතුළත තරඟ ආරම්භයන් අපට බලාගන්න පුළුවන්.
මෙවර ලෝක කුසලානයටත් ගියවර වගේ යම් යම් විවේචන එල්ල වුණා.
මං දැකපු ලොකුම විවේචනය තමයි තරඟ ටිකට්පත් වල අධික මිල ගණන්. ඒ ගොඩක් රසිකයෝ අතර විවේචනයට ලක් වුණා.
ඒ කොහොම වුණත් මං හිතනවා අදින් පටන් ගන්න දින 39 අවසානයේදී 23 වන පාපන්දු ලෝක කුසලානයත් සාර්ථක අවසන් වේවි කියලා.
මෙවර ලෝක කුසලානය අපේ පරම්පරාවේ බොහොම ක්රීඩකයන්ගේ අවසන් ලෝක කුසලානය වීමට නියමිතයි.
ගියවර 2022 ලෝක කුසලානයෙදී අපි හිතුවේ මෙසි, ක්රිස්ටියානෝ, මොද්රිච්, ඔචෝආ වගේ ක්රීඩකයන් නැවත වරක් ලෝක කුසලානයක දැකගන්න ලැබෙන්නේ නැති වෙයි කියලා.
කොහොම වුනත් ඔවුන්ගේ අවසන් ලෝක කුසලාන තරඟාවලිය අදින් ආරම්භ වෙනවා.
මෙසි,මෝඩ්රිච්,ක්රිස්ටියානෝ, ඔචෝආ,න්යුර් හැරුණුකොට,නේමාර්, KDB, වැන් ඩයික්,කැසමිරෝ, මොහොමඩ් සලා, සාදියෝ මානේ, සන්, කෝටුවා, ලුකාකු, හර්මිස් රොද්රිගස් වගේ බහුතරයක් ක්රීඩකයෝ ක්රීඩා කරන අවසන් ලෝක කුසලානයත් මෙය වීමට හැකියාව තියෙනවා.
හරියටම අවුරුදු 16 කට කලින් 2010 ලෝක කුසලානයේ සමාරම්භක තරඟය පැවත් වුණේ සත්කාරක දකුණු අප්රිකාව සහ මෙක්සිකෝව අතර.
2010 වගේම හරියටම අද වගේ දවසක වසර 16 කට පස්සේ ආයෙත් 2026 ලෝක කුසලාන සමාරම්භක තරඟය පැවැත්වෙන්නේ සත්කාරක මෙක්සිකෝව හා දකුණු අප්රිකාව අතර.
ලෝක කුසලානායක අවසන් මහා තරඟය සේම සමාරම්භක තරඟයටත් අහිෂය ඉහළ වටිනාකමක් තියෙනවා.
එහෙනම් සුපිරි ලෝක කුසලාන මාසයක් වේවා !
Admin: Pasindu Herath
Discussion
No comments yet — start the conversation.