Rumesh Tharanga nominated for Men’s World Athlete of the Year 2026

Rumesh Tharanga nominated for Men’s World Athlete of the Year 2026

රුමේෂ් තරංග ලොව විශිෂ්ටතම පිරිමි මලල ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසගත වෙයි.

2026 වසරේ ලොව විශිෂ්ටතම පිරිමි මලල ක්‍රීඩකයා (Men’s World Athlete of the Year) සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ නිර්දේශ වී තිබෙනවා. ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් පිරිනමන මෙම කීර්තිමත් සම්මානය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු නිර්දේශ වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

මේ වසර තුළ සහභාගී වූ ජාත්‍යන්තර තරග 14 න් 13 ක්ම ජයගැනීමට ඔහු සමත් වූ අතර, මීටර් 92.62 ක වාර්තාගත දුරක් සටහන් කරමින් නව ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් ද පිහිටුවනු ලැබුවා. මීට අමතරව World Ultimate ශූරතාව, Diamond League ශූරතාව, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ ආසියානු ක්‍රීඩා උළෙලවල රන් පදක්කම් ද ඔහු විසින් දිනාගනු ලැබුවා.

මහජන මනාපය සහ විද්වත් විනිසුරු මඩුල්ලක තීරණය මත මෙහි ජයග්‍රාහකයින් තෝරා ගැනීමට නියමිත අතර, එහි සම්මාන ප්‍රදානෝත්සවය මොනාකෝ (Monaco) හිදී පැවැත්වෙනවා.