First two episodes of Cape Fear mini series now streaming on Apple TV

First two episodes of Cape Fear mini series now streaming on Apple TV

ලොව පුරා ප්‍රේක්ෂකයන් මගබලාගෙන සිටි නවතම Cape Fear රූපවාහිනී කතා මාලාවේ පළමු කාතාංග දෙක මේ වන විට Apple TV ඔස්සේ නිල වශයෙන් නැරඹීමේ හැකියාව පවතිනවා. මෙය සම්පූර්ණ කොටස් දහයකින් යුත් mini series එකක් හෙවත් කෙටි කතා මාලාවක් ලෙසයි නිර්මාණය වී තිබෙන්නේ.

මෙහි කතාපුවත ගෙතී ඇත්තේ වසර 17කට පසු සිරගෙයින් නිදහස් වී පැමිණෙන Max Cady නම් අපරාධකරු සහ ඔහුට දඬුවම් ලබා දීමට මැදිහත් වූ නීතිඥ යුවළක් වන Anna Bowden සහ Tom Bowden වටායි. තමන්ව සිරගත කළ මෙම නීතිඥ යුවළගෙන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගෙන් පළිගැනීම සඳහා Max Cady විසින් දියත් කරන මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක මෙහෙයුම මෙහි මූලිකවම නිරූපණය වනවා.

හොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් වන Martin Scorsese සහ Steven Spielberg ගේ නිෂ්පාදන දායකත්වයෙන් නිර්මාණය වන මෙම කතා මාලාවේ ප්‍රධාන චරිත සඳහා අතිශය ජනප්‍රිය රංගන ශිල්පීන් වන Javier Bardem සමගින් Amy Adams සහ Patrick Wilson රංගනයෙන් දායක වනවා. පැරණි කතාවට වඩා වෙනස්ව නවීන තාක්ෂණය, සමාජ මාධ්‍ය මෙන්ම පවුලේ රහස් සහ වරදකාරී හැඟීම් පිළිබඳවත් මෙමගින් ගැඹුරින් සාකච්ඡා කරන බවයි විචාරකයන් පවසන්නේ. මෙහි ඉදිරි කොටස් ද සෑම සතියකම Apple TV හරහා ප්‍රේක්ෂකයන්ට දැකගත හැකි වනු ඇති.