Florida is overhauling its school system after a student graduated with an 11.99 GPA, the highest recorded GPA in history.

Florida is overhauling its school system after a student graduated with an 11.99 GPA, the highest recorded GPA in history.

ඇමරිකාවේ Florida ප්‍රාන්තය සිය පාසල් අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට (overhaul) මේ වන විට පියවර ගෙන තිබෙනවා. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ 17 හැවිරිදි Vaibhav Bhaskar නැමැති ඉන්දියානු ජාතික ශිෂ්‍යයෙකු විසින් 11.99 ක ඉතිහාසයේ වාර්තා වූ ඉහළම GPA අගය ලබාගනිමින් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමයි.

මෙම ඓතිහාසික වාර්තාව පිහිටුවීම සඳහා ඔහු උසස් පන්ති (advanced classes) 44 කට පමණ සහභාගී වී ඇති බවට තොරතුරු තහවුරු වී තිබෙනවා. මෙම අසාමාන්‍ය ප්‍රතිඵලයත් සමඟම වහාම ක්‍රියාත්මක වූ Florida ප්‍රාන්ත අධ්‍යාපන බලධාරීන් විසින් එරට පාසල් පද්ධතියේ ලබාගත හැකි උපරිම GPA අගය 6.0 ක් ලෙස දැඩිව සීමා කිරීමට (hard cap) තීරණය කර තිබීම මෙහි ඇති සුවිශේෂීම කරුණයි.

ඇමරිකාවේ Florida හි Hillsborough County ප්‍රදේශයේ පිහිටි Steinbrenner High School වෙතින් අධ්‍යාපනය ලැබූ ඔහු මෙම ඓතිහාසික ප්‍රතිඵලය ලබාගෙන ඇත්තේ Advanced Placement පන්ති 20ක් සහ University of Florida ඇතුළු ආයතනයන්හි dual-enrollment පන්ති 24ක් ලෙස සම්පූර්ණ උසස් පන්ති 44කට සහභාගී වෙමින් වීම විශේෂත්වයක්.

සාමාන්‍යයෙන් ඇමරිකානු පාසල් පද්ධතියේ උපරිම GPA අගය 4.0ක් හෝ 5.0ක් වුවද, ඔහුගේ පාසල අයත් දිස්ත්‍රික්කයේ පැවති පැරණි additive weighting ක්‍රමය හරහා සිසුන් සහභාගී වන සෑම උසස් පන්තියකටම අමතර ලකුණු සීමාවකින් තොරව එකතු වී තිබෙනවා. මේ හේතුවෙන් ඔහු දිවා ආහාර වේලාවන් පවා මඟහරිමින් සහ නිවාඩු කාලයන්හිදී අන්තර්ජාලය හරහා පන්තිවලට සහභාගී වී මෙලෙස තම ප්‍රතිඵලය ඉහළ නංවාගෙන ඇති අතර, පාසල් අධ්‍යාපනය අවසන් වන විට associate's degree එකක් හිමිකර ගැනීමටද ඔහු සමත්ව තිබෙනවා. ඔහු ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා Duke University වෙත ඇතුළත් වීමට නියමිත බවත් වාර්තා වනවා.