Florida mother admits to sexual relationship with adult son ‘only about 100 times,’ both face incest charges

Florida mother admits to sexual relationship with adult son ‘only about 100 times,’ both face incest charges

ඇමරිකාවේ Florida ප්‍රාන්තයේ Lakeland හි පදිංචි 46 හැවිරිදි මවක් සහ ඇගේ 22 හැවිරිදි පුත්‍රයා අතර වසර ගණනාවක් පුරා පැවති ලිංගික සබඳතාවයක් හෙළිවීමත් සමඟ ඔවුන් දෙදෙනාට එරෙහිව ලේ ඥාතීන් අතර ලිංගික සබඳතා පැවැත්වීමේ චෝදනා යටතේ නඩු පවරා තිබෙනවා. පසුගිය අගෝස්තු අගභාගයේදී සිය නිවසේ ඇතිවූ පවුල් ආරවුලක් අතරතුර පුත්‍රයා වන Shane Clemens විසින් තමන්ට පහර දුන් බවට මව වන Christina Clemens විසින් Polk County පොලිස් නිලධාරීන් වෙත දැනුම් දීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම සිදුවීම කරළියට පැමිණ ඇත.

අත්අඩංගුවට පත්වීමෙන් පසු පොලිසිය හමුවේ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා ඇත්තේ තමන්ට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ දා සිට මව සමඟ මෙලෙස ලිංගික සබඳතාවක් පැවැත්වූ බවයි. ඉන් අනතුරුව නිලධාරීන් විසින් Christina Clemens ගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය ද මෙම කරුණ පිළිගෙන ඇති අතර, වසර ගණනාවක් පුරා 100 වතාවක් පමණ ඔවුන් මෙලෙස එක්වී ඇති බව ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් ඇයගේ නීත්‍යානුකූල සැමියා පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන් සතුටින් විවාහ දිවියක් ගත කළ බවත්, සිය බිරිඳ සහ ඇගේ පුතු අතර මෙවැනි අකටයුත්තක් පැවති බවට තමන් කිසිවක් දැන නොසිටි බවත්ය.

Florida ප්‍රාන්ත නීතියට අනුව කැමැත්තෙන් වුවද මෙවැනි ලේ ඥාතී ලිංගික සබඳතා පැවැත්වීම නීති විරෝධී බරපතළ වරදක් වන අතර, ඒ අනුව ඔවුන් දෙදෙනාටම එරෙහිව අදාළ චෝදනා ගොනු කර තිබෙනවා. මීට අමතරව Shane Clemens හට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යටතේ ද චෝදනා එල්ල වී ඇති අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් Polk County හි Sheriff Grady Judd විසින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කිරීමත් සමඟ මේ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.