Following Mahinda Rajapaksa, Donald Trump hints at a third presidential term

Following Mahinda Rajapaksa, Donald Trump hints at a third presidential term

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ව්‍යවස්ථාව වෙනස් කරමින් 2015 වසරේ තෙවන වරටත් ජනාධිපතිවරණයට තරග කළ ආකාරය මෙන්, 2028 වසරේ පැවැත්වීමට නියමිත මීළඟ ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ද තරග කිරීමට බලාපොරොත්තු වන බව Donald Trump විසින් ප්‍රකාශ කර තිබෙනවා.

මාධ්‍යවේදීන් සහ දේශපාලනඥයින් පිරිවරාගෙන පැවැති White House Correspondents’ Association Dinner උත්සවයේදී Trump 2028 ලෙස සඳහන් හිස්වැස්මක් ද පැළඳ ගනිමින් ඔහු මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ. පැයකට අධික කාලයක් පුරා පැවති සිය කතාව අවසානයේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර, තමන් දැන් ජනාධිපතිවරණ සඳහා තරග කිරීමට ඉතා දක්ෂ බවත්, තුන් වතාවක්ම ජයග්‍රහණය කළ බවත් ඔහු එහිදී පවසා තිබුණා. (තුන්වන වතාව යනුවෙන් අදහස් කර ඇත්තේ 2028 හිස් වැසුම පැළදීමෙන්) එමෙන්ම 2020 මැතිවරණය දූෂිත එකක් බවට ද ඔහු එහිදී නැවතත් චෝදනා කර තිබෙනවා.

විහිළුවට මෙන් එම ප්‍රකාශය සිදු කලද බොහෝ විට ඔහු විසින් ව්‍යවස්ථා සංශෝධනයකට ගොස් තෙවන වරට ජනාධිපතිවරණයට ඉල්ලීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවටයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයට අනුව කිසිදු පුද්ගලයෙකුට දෙවරකට වඩා ජනාධිපති ධුරයට පත්වීමට හැකියාවක් නොමැති අතර ශ්‍රී ලංකාවේද දෙවරකට වඩා ඉල්ලීමට නොහැකි වීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා විසින් 18 වන ව්‍යවස්ථා සංශෝධනය කර 3 වන වරට ඉල්ලා 2015 දි ඓතිහාසික ලෙස පරාජයට පත් විය.