Foreign national alleges attempted sexual assault by monk at Sri Lankan temple

Foreign national alleges attempted sexual assault by monk at Sri Lankan temple

විහාරස්ථානයකට ගිය විදෙස් ජාතික කාන්තාවකට චීවරධාරියෙක් විසින් ලිංගික අතවර කිරීමට උත්සාහ කරයි පොලිසිය විසින් ඇයගේ සැමියාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජන


Reddit සමාජ මාධ්‍ය ජාලයේ r/srilanka සහ r/ask_srilanka සංසදය ඔස්සේ u/KindSuccess5564 පරිශීලක නමින් අදාළ කාන්තාව විසින් තබන ලද සවිස්තරාත්මක සටහනකට අනුව, උදෑසන වන්දනාමාන කටයුත්තක් සඳහා ඇය කදුරුපොකුණ ජයසුන්දර පුරාණ විහාරස්ථානයට ගොස් තිබෙනවා. එහිදී අදාළ ස්ථානය සොයා ගැනීමට අපහසු වූ අවස්ථාවේදී බැදිගම නන්දවංශ හිමි නමැති හිමිනම ඇයට මඟ පෙන්වීමට ඉදිරිපත් වූ බවත්, පසුව ඇයව හුදෙකලා කාමරයකට රැගෙන ගොස් අතින් සහ උරහිසෙන් අල්ලා බිත්තියකට තද කරමින් අතවර කිරීමට උත්සාහ කළ බවත් ඇය පවසනවා. එහිදී තමන් කෑගසමින් පෙරළා පහරදී එම ස්ථානයෙන් බේරී පලා ආ බවයි ඇය සඳහන් කරන්නේ.


අනතුරුව ඇය ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිලි කර ඇති නමුත්, පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසත් හිමිනමගෙන් සමාව ලබාගෙන ප්‍රශ්නය සමථයකට පත්කර ගන්නා ලෙසත් පොලිස් නිලධාරීන් බලපෑම් කළ බවට ඇය චෝදනා කරනවා. පසුව ඇගේ සැමියා පොලිසියට පැමිණ අදාළ හිමිනම සමඟ දැඩි බහින්බස්වීමක් ඇතිකර ගැනීමෙන් පසු, පොලිසිය විසින් මෙය “50/50 situation” එකක් බව පවසමින් සැමියාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවා තිබෙනවා.


මෙම අත්දැකීම හේතුවෙන් තමන් දැඩි මානසික පීඩාවකට පත්ව සිටින බව පවසන අදාළ විදෙස් කාන්තාව, පොලිසියෙන් එල්ල වූ බාධා කිරීම් මධ්‍යයේ වුවද නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන බවත්, ඒ අනුව අදාළ නඩුව ඊයේ දින අධිකරණය හමුවේ විභාගයට ගෙන තිබුනා.


කෙසේ නමුත්, මෙතෙක් කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් මඟින් මෙම සිදුවීම පිළිබඳව වාර්තා කර නොමැති අතර. ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලාංකික නාමයට සිදුවන මෙම කැලල මකා දැමීම සඳහා අදාළ බලධාරීන් සහ පාර්ශ්වයන් කඩිනමින් මැදිහත් වී අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍ය වී තිබෙනවා. අන්තර්ජාලය ඔස්සේ සංචාරකයින් අතර රට පිළිබඳව වැරදි ප්‍රතිරූපයක් සහ අනාරක්ෂිත හැඟීමක් නිර්මාණය වීමට තුඩු දුන්

A monk attempt to R*pe me
by u/KindSuccess5564 in srilanka
Monk who attempt to r*pe me update
by u/KindSuccess5564 in ask_srilanka
A monk tried to r*pe me
by u/KindSuccess5564 in ask_srilanka