Galgamuwa Pradeshiya Sabha Secretary K. Prasad Chaminda Responds with Abusive Language to a Woman Asking About Kawanthissa the Elephant’s Treatment.

Galgamuwa Pradeshiya Sabha Secretary K. Prasad Chaminda Responds with Abusive Language to a Woman Asking About Kawanthissa the Elephant’s Treatment.

කාවන්තිස්ස ඇතාගේ ප්‍රතිකාර ගැන විමසූ කාන්තාවකට ගල්ගමුව ප්‍රාදේශීය සභා ලේකම් කේ. ප්‍රසාද් චාමින්ද සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය වචනයෙන් බැන වදී

අද දිනයේදී ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලංකාවේ උසම සහ විශාලතම ඇතා ලෙස සැලකෙන කාවන්තිස්ස ඇතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රශ්න කළ කාන්තාවකට, ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම් කේ. ප්‍රසාද් චාමින්ද විසින් ඉතා පහත් අයුරින් අසභ්‍ය වචන භාවිත කරමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

වෙඩි වැදීමකින් ඉදිරි දකුණු පාදයට සිදුවූ බරපතල තුවාලයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි කාවන්තිස්ස ඇතා ගල්ගමුව ප්‍රදේශයේ කුඹුරු යායක ඇද වැටී සිටියදී අද ජීවිතක්ෂයට පත් වුණා. ඇතාට ප්‍රතිකාර කිරීම ඇතා ජීවිතක්ෂයට පත්වීමට පෙර ප්‍රතිකාර ලබා දීම සම්බන්ධයෙන් පළවූ සමාජ මාධ්‍ය සටහනකට අදහස් දක්වමින් කාන්තාවක් විසින් ලේකම්ව සම්බන්ධ කර ගනිමින් මේ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබුණා. ඊට ප්‍රතිචාර දක්වා ඇති ලේකම් බූරුවා, ඇයට පිළිතුරු බැඳීමට ඇය මහ රැජිනදැයි ප්‍රශ්න කරමින් අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඇති ආකාරය එම සටහනෙහි දැක්වෙනවා.

අලියා ගැන එතරම් අමාරුවක් ඇත්නම් රැගෙන යන ලෙසත්, ප්‍රදේශයේ දිනකට මිනිසුන් එක්කෙනෙකු හෝ දෙදෙනෙකු මරා දමන බවත් ඔහු එහිදී පවසා තිබෙනවා. එමෙන්ම වන අලින් වී ආහාරයට ගැනීම සඳහා නිවාස කඩා දමන බවත්, ඊයේ රාත්‍රියේදී පමණක් නිවාස පහක් කඩා දමා ඇති බවත් සඳහන් කරමින්, එම මිනිසුන්ට සිදුවන විපත බැලීමට කිසිවෙකුත් පැමිණෙන්නේදැයි විමසමින් ඔහු නැවතත් අසභ්‍ය වචනයෙන් බැණ වැදී තිබෙනවා.
කාවන්තිස්ස ඇතාගේ වියෝවත් සමඟ දැඩි කම්පනයක් ඇතිව තිබෙන පසුබිමක, වගකිවයුතු රාජ්‍ය නිලධාරියෙකු ලෙස කටයුතු කරන ප්‍රාදේශීය සභා ලේකම්වරයෙකු සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවකට මෙලෙස ප්‍රසිද්ධියේ පරුෂ වචනයෙන් බැණ වැදීම කෙතරම් දුරකට සදාචාරාත්මකද?

බලධාරීන්ගේ දැඩි අතපසුවීම් මෙන්ම වගකීම් විරහිතභාවය කාවන්තිස්සගේ මරණයට ප්‍රධාන හේතුව වන අතර රටක මෙවැනි ඔලමොට්ට්ල වගකීම් විරහිත රාජ්‍ය නිලධාරීන් සිටින විට වන සතුන්ට මෙන්ම ජනතාවටද මෙවැනි අවාසනාවන්ත ඉරණම් අත්වීම සාමාන්‍ය දෙයකි.