Game of Thrones ended 7 years ago today

Game of Thrones ended 7 years ago today

IMDb දර්ශකයේ ලොව හොඳම කතාමාලාවන් ලැයිස්තුවේ 13 වන ස්ථානයේ පසුවන අතිශය ජනප්‍රිය Game of Thrones කතාමාලාව විකාශය අවසන් වී අදට වසර 7ක් සපිරෙයි.

George R.R Martin විසින් රචිත A Song of Ice and Fire ග්‍රන්ථ මාලාව ඇසුරෙන් නිර්මාණය කරන ලද මෙම කතාමාලාව 2011 වසරේ අප්‍රේල් 17 වනදා HBO නාලිකාව ඔස්සේ විකාශය ආරම්භ කර පුරා වසර 8ක් කතාසමයන් 8ක් කතාංග 73ක් විකාශය කරමින් 2019 වසරේ මැයි 19 වැනිදා විකාශය අවසන් කරන ලදී.

Prime Time Emmy, Golden Globe වැනි ජනප්‍රිය සම්මාන උළෙලවල් 73කදී විවිධ කාණ්ඩ යටතේ සම්පූර්ණ සම්මාන 757ට නිර්දේශ වෙමින් එයින් 272ක් දිනාගැනීමට සමත්ව තිබෙනවා. ලොව වැඩියෙන්ම නීතිවිරෝධී ලෙස නැරඹූ කතාමාලාවට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියන්නේද මෙම Game of Thrones කතාමාලාවයි.

ගොඩක් ප්‍රේක්ෂකයන්ට කතාමාලාවේ අවසානය ගැන තෘප්තිමත් බවක් නෑ ඉතින් ඔයාගේ අදහස මොකක්ද මේ ගැන?