Government to provide official emails for all public servants

Government to provide official emails for all public servants

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නව වැඩපිළිවෙළක් යටතේ මෙරට සෑම රාජ්‍ය සේවකයෙකුටම රජයේ නිල විද්‍යුත් තැපැල් (Email) ලිපිනයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පෙන්වා දෙන්නේ මේ හරහා රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම ලෙස ජාලගත කිරීමටත්, වීඩියෝ සම්මන්ත්‍රණ සහ ආයතන අතර දත්ත හුවමාරුව පහසු කිරීමටත් හැකිවනු ඇති බවයි. මේ වන විට රාජ්‍ය අංශයේ නිල කටයුතු සහ ලිපිලේඛන හුවමාරුව සඳහා බොහෝ දෙනා පෞද්ගලික ඊමේල් ගිණුම් භාවිත කළ ද, මෙම නව පියවරත් සමඟ එම දත්ත හුවමාරුව වඩාත් ආරක්ෂිත වනු ඇති.

රජයේ සමස්ත ඩිජිටල්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ ප්‍රබල පිටිවහලක් වනු ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.