His & Hers secures the second spot among the most-watched TV series of 2025-2026

His & Hers secures the second spot among the most-watched TV series of 2025-2026

2025-2026 වසරේ මේ දක්වා වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරඹූ කතාමාලාවන් අතරින් දෙවන ස්ථානය හිමිකර ගැනීමට His & Hers කතාමාලාව සමත්ව තිබෙනවා.

Variety වෙබ් අඩවිය විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තාවලට අනුව Streaming, Broadcast සහ Cable මාධ්‍ය හරහා නැරඹුම් වාර මිලියන 25.6ක ප්‍රේක්ෂක පිරිසක් මෙම කතාමාලාව නරඹා ඇති බවයි සඳහන් වන්නේ. මෙම කතාමාලාව සමස්ත ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

Alice Feeney ගේ ජනප්‍රිය නවකතාවක් ඇසුරින් නිර්මාණය වූ මෙම Psychological thriller කතාමාලාවෙන් කුඩා නගරයක සිදුවන අභිරහස් ඝාතනයක් පිළිබඳව කියවෙනවා. මෙම ඝාතන සිදුවීම වාර්තා කරන ප්‍රවෘත්ති නිවේදිකාව සහ එය විමර්ශනය කරන රහස් පරීක්ෂකවරයා වටා මෙහි කතාව ගෙතී තිබෙනවා.

Variety වාර්තාවට අනුව Most-Watched TV Series of 2025-2026 Across Streaming, Broadcast and Cable:

Stranger Things (32.9M viewers)

His & Hers (25.6M viewers)

Marshals (20.7M viewers)

Sean Combs: The Reckoning (20.6M viewers)

Landman (19.8M viewers)

Bridgerton (18.3M viewers)

Tracker (16.4M viewers)

High Potential (16.0M viewers)

The Pitt" (13.8M viewers)

Monster: The Ed Gein Story (13.4M viewers)