House of the Dragon showrunner says the Battle of the Gullet in S3 is the craziest TV episode ever made.

House of the Dragon showrunner says the Battle of the Gullet in S3 is the craziest TV episode ever made.

House of the Dragon කතාමාලාවේ තුන්වන කතාසමයේ අන්තර්ගත වන Battle of the Gullet යුද ජවනිකාව රූපවාහිනී ඉතිහාසයේ මෙතෙක් නිර්මාණය වූ දැවැන්තම කථාංගය වනු ඇති බව එහි Showrunner ලෙස කටයුතු කරන Ryan Condal පවසනවා. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ Entertainment Weekly වෙබ් අඩවිය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙම දැවැන්ත යුද ජවනිකාව නොමැතිව මෙම කතාමාලාව නිර්මාණය කිරීම, සුප්‍රසිද්ධ Lord of the Rings චිත්‍රපට මාලාවේ එන Battle of Helm's Deep සටන නොමැතිව එම චිත්‍රපටය නිර්මාණය කරනවා හා සමාන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එහිදී අදාළ සටන් ජවනිකාව ඇතුළත් කථාංගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ එය, ‘arguably the craziest episode of TV ever made’ යනුවෙනි.

ඒ අනුව ජූනි 21 වනදා විකාශය වීමට නියමිත මෙම තුන්වන කතාසමයේදී දැවැන්ත මකරුන්, යුද නැව් සහ විවිධ යුද පෙරමුණු රැසක් එකවර ගැටෙන අතිවිශාල මට්ටමේ සටන් ජවනිකාවක් ප්‍රේක්ෂකයන්ට දැකගත හැකි වනු ඇති බව නිර්මාණකරුවන් වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.