
Hyderabad's Central Jail has launched ‘Feel the Jail’ a paid initiative where citizens can experience prison life for 12 or 24 hours.
ඉන්දියාවේ හයිද්‍රාබාද් මධ්‍යම බන්ධනාගාරය විසින් Feel the Jail නමින් සුවිශේෂී වැඩසටහනක් අද දිනයේ නිළ වශයෙන් ආරම්භ කරනු ලැබුවා. ඒ හරහා සාමාන්‍ය පුරවැසියන්ට බන්ධනාගාර ජීවිතය සැබෑ ලෙසම අත්විඳීමට අවස්ථාව සලසා දී තිබෙනවා. මෙහිදී පැය 12ක හෝ පැය 24ක කාලයක් බන්ධනාගාරය තුළ ගත කිරීමට හැකියාව පවතින අතර පැය 12ක කාලයක් සඳහා ඉන්දියන් රුපියල් 1,000ක මුදලක් ද පැය 24ක කාලයක් සඳහා රුපියල් 2,000ක මුදලක් ද අය කෙරෙනවා.
මෙම අත්දැකීමට ඇතුළත් වන පුද්ගලයින්ට බන්ධනාගාරයක පවතින ආකාරයේම සිර මැදිරිවල කාලය ගත කිරීමට සිදුවන අතර බන්ධනාගාරය තුළ සාමාන්‍යයෙන් ලබාදෙන ආහාර වේල් සහ එදිනෙදා ක්‍රියාත්මක වන දැඩි දෛනික කාලසටහනට අනුව කටයුතු කිරීමට ද සිදුවනවා. සිරකරුවෙකුගේ ජීවිතය කෙබඳුදැයි වටහා ගැනීමට කැමති අය වෙනුවෙන්ම මෙම වැඩසටහන සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.
Discussion
No comments yet — start the conversation.