
Iconic Animated Film Shrek Celebrates Its 25th Anniversary.
ලොව පුරා සිනමා ලෝලීන්ගේ අතිශය ආදරය දිනාගත් DreamWorks සමාගමේ සුප්රසිද්ධ සජීවීකරණ චිත්රපටයක් වන Shrek සිනමාපටය නිකුත් වී අදට වසර 25ක් සපිරෙනවා. 2001 වසරේ මැයි 17 වනදා ප්රථම වරට තිරගත වූ මෙම චිත්රපටය, සිනමා ඉතිහාසයේ එතෙක් පැවති සාම්ප්රදායික සුරංගනා කතා පිළිබඳ සංකල්පය සම්පූර්ණයෙන්ම වෙනස් මඟකට යොමු කරමින් සජීවීකරණ සිනමාව තුළ දැවැන්ත විප්ලවයක් කිරීමට සමත් වුණා.
ඇ.ඩො මිලියන 60ක පිරිවැයකින් නිර්මාණය වූ මෙම චිත්රපටය ලොව පුරා බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 493කට අධික ආදායමක් ඉපයීමට සමත් වුණා. මීට අමතරව ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම සජීවීකරණ චිත්රපටය සඳහා පිරිනැමුණු ප්රථම ඔස්කාර් සම්මානය දිනාගැනීමේ ඓතිහාසික ගෞරවය හිමිවන්නේ ද Shrek චිත්රපටයටයි.
මෙම 25 වන සංවත්සරය නිමිත්තෙන් සිනමා රසිකයන් වෙනුවෙන් මෙම සුවිශේෂී චිත්රපටය නැවත වරක් සිනමාශාලා තුළ ප්රදර්ශනය කිරීමටද කටයුතු යොදා තිබෙනවා. රසිකයින්ට තවත් සතුටුදායක පුවතක් ගෙන එමින් මෙම චිත්රපට මාලාවේ මීළඟ දිගුව වන Shrek 5 චිත්රපටය 2027 වසරේ ජූනි මාසයේදී නිකුත් කිරීමට නියමිතයි.
Shrek චිත්රපට ගැන ඔයාගේ මතකය මොනව වගේද?
Discussion
No comments yet — start the conversation.