
Idris Elba Becomes the Second Black Actor to Receive a Knighthood
ලොව පුරා අතිශය ජනප්‍රිය බ්‍රිතාන්‍ය ජාතික රංගන ශිල්පී Idris Elba වෙත බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු විසින් නයිට් (Knighthood) නාමයක් ප්රදානය කර තිබෙනවා. මෙම විශේෂ සම්මාන ප්රදානය පසුගිය අඟහරුවාදා වින්ඩ්සර් මාලිගයේදී සිදු කර ඇති අතර, මේ සමඟින් ඔහු ඉතිහාසයට එක්වන්නේ සම්පූර්ණ නයිට් නාමයකින් පිදුම් ලැබූ ලොව දෙවැනි කළු ජාතික රංගන ශිල්පියා ලෙසයි. මීට පෙර සම්පූර්ණ නයිට් නාමයකින් පිදූ ලොව පළමු කළු ජාතික රංගන ශිල්පියා ලෙස 2015 වසරේ Lenny Henry ඉතිහාසයට එක්විය.
හොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්රය තුළ Marvel Cinematic Universe, DC Extended Universe මෙන්ම Fast & Furious සහ Sonic the Hedgehog වැනි දැවැන්ත චිත්‍රපට හරහා ඔහු ලොව පුරා විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගැනීමට සමත් වුණා. වයස අවුරුදු 53ක් වන මෙම සම්මානනීය රංගන ශිල්පියාට මෙම සුවිශේෂී නයිට් නාමය හිමිවී ඇත්තේ ඔහු විසින් තරුණ පරපුර වෙනුවෙන් සිදු කර ඇති විශිෂ්ට සේවාවන් ඇගයීමක් වශයෙනි. විශේෂයෙන්ම 2022 වසරේදී ඔහු විසින් ආරම්භ කරන ලද Elba Hope Foundation හරහා තරුණ ප්‍රජාවට ලබාදෙන සහයෝගය මෙහිදී විශේෂ ඇගයීමට ලක්ව තිබෙනවා.
මීට අමතරව මේ වන විට ඔහු චාල්ස් රජු සමග එක්ව Netflix වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ද කටයුතු කරමින් සිටිනවා.
Discussion
No comments yet — start the conversation.