
India refuses to reopen Katchatheevu pacts to protect ties with Sri Lanka
කච්චතිව් දූපත සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවට අයිති බවත් ශ්‍රී ලංකාව සමඟ පවතින “විශිෂ්ට සබඳතාවයට” හානි කරගැනීමට ඉන්දියාවට අවශ්‍ය නොවන බැවින් මුහුදු සීමා ගිවිසුම් නැවත විවෘත නොකරන බවට ඉන්දියාන්‍ය් ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි
ශ්‍රී ලංකාව සමඟ පවතින “විශිෂ්ට සබඳතාවයට” හානි කරගැනීමට ඉන්දියාවට අවශ්‍ය නොවන බැවින්, කච්චතිව් දූපත සම්බන්ධයෙන් වන 1974 සහ 1976 මුහුදු සීමා ගිවිසුම් නැවත විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
2008 වසරේදී A.K. Selvaraj ඇතුළු පිරිසක් විසින් මෙම ගිවිසුම්වලට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් පසුගියදා New Delhi හිදී විනිසුරු Sanjay Kumar සහ විනිසුරු Sanjeev Sachdeva ඉදිරියේ විභාගයට ගැනුණු අතර, එහිදී ඉන්දීය නීතිපති R. Venkataramani විසින් රජයේ මෙම ස්ථාවරය පැහැදිලි කළා. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ P. Wilson තර්ක කළේ Berubari Union නඩුවේ මූලධර්මයට අනුව මෙය ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයකින් තොරව සිදුකළ නොහැක්කක් බවත්, මින් තමිල්නාඩු ධීවරයින්ට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත්ය.
මෙහිදී පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඇති ජාත්‍යන්තර මුහුදු සීමාව ඉක්මවා යාම වැළැක්වීමට ධීවරයන්ව දැනුවත් කරන ලෙස විනිසුරු මඩුල්ල උපදෙස් දුන් අතර, සාගර දූෂණය හේතුවෙන් ඉන්දීය මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත අඩුවීම නිසා ධීවරයින් මෙලෙස සීමා ඉක්මවා යන බව නීතිපතිවරයා ද පෙන්වා දුන්නා. විනිසුරු Sanjay Kumar එහිදී සඳහන් කළේ ශ්‍රී ලාංකිකයින් පරිසරය අපවිත්‍ර නොකරන බැවින් මත්ස්‍යයින් ශ්‍රී ලංකා මුහුදු සීමාව දෙසට සංක්‍රමණය වීමට ඉඩ ඇති බවයි.
කෙසේ වෙතත්, ඉන්දීය අග්‍රාමාත්‍ය Indira Gandhi සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක අතර අත්සන් තැබුණු මෙම ගිවිසුම්වල නීතිමය වලංගුභාවය පිළිබඳව අවසන් තීන්දුවක් මෙතෙක් ලබා දී නොමැති අතර නඩුව 2027 පෙබරවාරි දක්වා කල් දමා තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.