President Trump declares the Moon is a U.S. territory.

President Trump declares the Moon is a U.S. territory.

චන්ද්‍රයා හෙවත් හඳ එක්සත් ජනපදයට අයත් භූමියක් බව ප්‍රකාශ කරමින් ඇමරිකානු ජනාධිපති Donald Trump විසින් සිය Truth Social ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා. ඇමරිකානු ධජය සහිත සඳ මතුපිට ඡායාරූපයක් එක් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ “The Moon is ours” යනුවෙනි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර අභ්‍යවකාශ නීතියට අනුව මෙවැනි ප්‍රකාශයකට කිසිදු නීතිමය වලංගුභාවයක් නොමැති බව විද්‍යාඥයින් සහ නීති විශාරදයින් පෙන්වා දෙනවා. ඇමරිකාව ඇතුළු ලෝකයේ රටවල් 100 කට අධික සංඛ්‍යාවක් අත්සන් තබා ඇති 1967 Outer Space Treaty ගිවිසුමට අනුව සඳ හෝ වෙනත් කිසිදු ආකාශ වස්තුවක් කිසිදු රටකට තමන්ගේ අයිතියට නතු කරගත නොහැකි බව පැහැදිලිව දක්වා තිබීම ඊට හේතුවයි.

සමාජ මාධ්‍ය හරහා සිදු කරන මෙවැනි ප්‍රකාශ මගින් ජාත්‍යන්තර වශයෙන් කිසිදු භෞමික අයිතියක් හිමි නොවන අතර, Apollo මෙහෙයුම් සමයේදී ඇමරිකානු ගගනගාමීන් සඳ මත සිය රටේ කොඩිය එසවුව ද එහි හිමිකාරිත්වය ප්‍රකාශ නොකළ බව නීති විශාරදයින් වැඩිදුරටත් මතක් කර සිටිනවා. කෙසේ වෙතත් Trump පාලනාධිකාරිය Artemis වැඩසටහන හරහා 2028 වන විට යළිත් ඇමරිකානුවන් සඳ මතට යැවීමට සහ 2030 වන විට ස්ථිර මුරපොළක් ස්ථාපිත කිරීමට සැලසුම් කරමින් අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ දැඩි උත්සාහයක නිරත වන පසුබිමක මෙම ප්‍රකාශය නිකුත් වීම විශේෂත්වයක්.