MP Ramanathan Archchuna calls for end to cyber attacks targeting Maitreyi Ramakrishnan

MP Ramanathan Archchuna calls for end to cyber attacks targeting Maitreyi Ramakrishnan



Maitreyi Ramakrishnan ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන ප්‍රහාර සහ විවේචන වහාම නතර කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා පාර්ලිමේන්තුවේදී පවසයි

කැනේඩියානු දෙමළ නිළි Maitreyi Ramakrishnan ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන ප්‍රහාර සහ විවේචන වහාම නතර කළ යුතු බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය Ramanathan Archchuna ඊයේ (සැප්තැම්බර් 23) පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියා. ඇය ප්‍රධාන චරිත නිරූපණය කරන Best of the Best නමැති නවතම Netflix චිත්‍රපටය ඉලක්ක කරගනිමින් අප විසින් දියත් කර ඇති සංවිධානාත්මක අන්තර්ජාල විරෝධය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පාර්ලිමේන්තුවෙදී ප්‍රකාශ කර තිබෙනවා.

අප විසින් හිතාමතාම ඇයගේ නවතම චිත්‍රපටය වෙත අවම IMDb rating ලබා දීම සහ ඊට එරෙහිව සෘණාත්මක ප්‍රතිචාර පළ කිරීම සම්බන්ධයෙන් අර්චුනා සිය දැඩි අප්‍රසාදය පළ කළා. ජාතිකත්වය හෝ ජාතිය කුමක් වුවත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු ජාත්‍යන්තර තලයේ ලබන ජයග්‍රහණ සහ පිළිගැනීම පිළිබඳව සමස්ත ශ්‍රී ලාංකිකයින්ම ආඩම්බර විය යුතු බවත්, ඇතැම් දේශීය සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් ඇය සහ ඇගේ නිර්මාණ ඉලක්ක කරමින් සිදු කරන වෛරී ප්‍රකාශ වහාම නතර කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නා.

ශ්‍රී ලාංකික දෙමළ දෙමාපියන්ට දාව කැනඩාවේ ඉපිද හැදී වැඩුණු Maitreyi Ramakrishnan සිය අනන්‍යතාවය සහ මූලයන් පිළිබඳව අදහස් දැක්වීමේදී ඊට පහර දීම වෙනුවට ඇය පැමිණි ගමන දිරිමත් කළ යුතු බව මන්ත්‍රී Ramanathan Archchuna වැඩිදුරටත් සඳහන් කර සිටියා.

අපි ඔහුට පවසන්නේ එහෙම Who Kanna දෙන්න බෑ නවත්තන්නේ නෑ පුළුවන් දෙයක් කරපන් යනුවෙනි.