
Indian man sells generational family gold to buy wife newly released iPhone 18 Pro Max
ඉන්දියානු ජාතිකයෙක් තම බිරිඳට නවතම iPhone 18 Pro Max දුරකථනයක් මිළදී ගැනීම සඳහා තමන්ට පරම්පරාවෙන් උරුම වූ රන් ආභරණ විකුණා දමයි.
ඊයේ දිනයේදී ලොව පුරා නිල වශයෙන් වෙළෙඳපොළට නිකුත් වූ නවතම iPhone 18 දුරකථන මාදිලියත් සමඟ ආන්දෝලනාත්මක පුවතක් ඉන්දියාවෙන් වාර්තා වුණා. ඒ තම බිරිඳට තෑග්ගක් ලෙස නවතම iPhone 18 Pro Max ජංගම දුරකථනයක් මිලදී ගැනීම සඳහා පුද්ගලයෙකු විසින් සිය මිත්තණියගෙන් සහ මුත්තණියගෙන් පැවත ආ පරම්පරාගත රන් ආභරණ විකුණා දැමීමේ සිදුවීමක් සම්බන්ධයෙනි.
පරම්පරාගත වටිනාකමකින් යුත් එම පවුලේ උරුමයන්ට වඩා ඊයේ දින නිකුත් වූ මෙම ස්මාර්ට් ජංගම දුරකථනය තමන්ට අතිශයින් වැදගත් වන බව ඔහු ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබෙනවා. ලොව පවතින ඕනෑම රත්රන් වර්ගයකට වඩා iPhone 18 Pro Max දුරකථනය වටිනාකමින් වැඩි බවයි ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.
පරම්පරා ගණනාවක් පුරාවට ආරක්ෂා කරගත් මෙම රන් ආභරණ නිවසක් මිලදී ගැනීම, දරුවෙකුගේ අනාගතය සුරක්ෂිත කිරීම හෝ වෙනත් සාම්ප්‍රදායික ආයෝජනයක් වෙනුවෙන් යොදා නොගෙන, හුදෙක් Apple සමාගමේ මෙම නවතම දුරකථනය තම බිරිඳට ලබා දීම වෙනුවෙන්ම පමණක් විකුණා දැමීම කාගේත් දැඩි පුදුමයට හේතු වී තිබෙනවා.
මෙම සිදුවීමත් සමඟ සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර, ඓතිහාසික සහ හැඟීම්බර වටිනාකමක් සහිත දේපළක් සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩයක් වෙනුවෙන් කැප කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සිය අප්‍රසාදය පළ කර තිබෙනවා. කෙසේ වෙතත් මෙය ඔවුන් දෙදෙනාගේ පෞද්ගලික තීරණයක් බව පවසමින් තවත් පිරිසක් ඊට සහය පළ කර තිබෙනවා
Discussion
No comments yet — start the conversation.