Indian teen accused of killing mother and brother after using ChatGPT to write fantasy stories

Indian teen accused of killing mother and brother after using ChatGPT to write fantasy stories

ChatGPT කෘත්‍රිම බුද්ධියෙන් උපදෙස් ගෙන ඇමරිකාවේ වෙසෙන ඉන්දියානු 17 හැවිරිදි තරුණයෙකු තම මව සහ බාල සහෝදරයාව ඝාතනය කරයි.

ඇමරිකාවේ Massachusetts ප්‍රාන්තයේදී ඉන්දියානු සම්භවයක් සහිත 17 හැවිරිදි තරුණයෙකු සිය 45 හැවිරිදි මව සහ 14 හැවිරිදි බාල සහෝදරයා ඝාතනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය අගෝස්තු 11 වනදා අදාළ මළසිරුරු ඔවුන්ගේ නිවස තුළ තිබී බලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, මවගේ මෝටර් රථයෙන් පලාගොස් සිටි සැකකාර තරුණයා පසුදින පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අදාළ ඝාතන සිදු කිරීමට පෙර මෙම තරුණයා විසින් ChatGPT කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කරමින් තම පවුලේ සාමාජිකයින් ඝාතනය කරන ආකාරය පිළිබඳව අතිශය භයංකර කල්පිත කතාන්දර නිර්මාණය කර ඇති බවයි. ඔහු විසින් Adrian නැමති මනඃකල්පිත චරිතයක් යොදාගනිමින් දෙමාපියන්ව පහළම මාලයට රැවටීමෙන් රැගෙන යන ආකාරය වැනි විවිධ කල්පිත තත්ත්වයන් යටතේ සිදුවිය හැකි දේවල් පිළිබඳව ChatGPT හරහා තොරතුරු ලබාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම ඝාතනය සඳහා ChatGPT හරහා සෘජුවම උපදෙස් ලබා දී නොමැති බවත්, එය ඔහුගේ මෑතකාලීන සැකකටයුතු හැසිරීම්වල එක් කොටසක් පමණක් බවත් බලධාරීන් විසින් වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

මෙම සැකකාර තරුණයා මානසික සහ චර්යාත්මක ගැටලු රැසකින් පීඩා විඳි අයෙකු බවත්, ඒ සඳහා මින් පෙර ද දෙමාපියන් විසින් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් සඳහන් වනවා. මෙම සැකකරුට එරෙහිව මිනීමැරුම් ඇතුළු චෝදනා රැසක් ගොනු කර ඇති අතර, මේ වන විට ඔහුව ඇප රහිතව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. තම සේවාදායකයා මෙම ඝාතනයන් පිළිබඳව කිසිවක් නොදන්නා බව පවසන බව ඔහුගේ නීතිඥ විසින් ප්‍රකාශ කර ඇති අතර, මේ පිළිබඳව තවදුරටත් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.