Instagram is ending end-to-end encrypted messaging from today.

Instagram is ending end-to-end encrypted messaging from today.

Instagram පරිශීලකයින්ගේ පෞද්ගලික පණිවිඩ (DMs) සඳහා මෙතෙක් පැවති End-to-End Encryption (E2EE) ආරක්ෂණ පහසුකම අද සිට ඉවත් කිරීමට Meta සමාගම තීරණය කර තිබේ. වසර කිහිපයක පරීක්ෂණ මට්ටමකින් පසුව ක්‍රියාත්මක වූ මෙම විශේෂ ආරක්ෂණ ක්‍රමය ඉවත් කිරීමත් සමඟ, මෙතෙක් කල් යවන්නාට සහ ලබන්නාට පමණක් කියවිය හැකි වූ පණිවිඩ, අවශ්‍ය අවස්ථාවලදී පරිීක්ෂා කිරීමට හෝ ස්කෑන් කිරීමට (Scan) ඇති තාක්ෂණික බාධාව මෙලෙස ඉවත් වනු ඇත.

මෙම තීරණය සඳහා Meta සමාගම නිල වශයෙන් හේතු දක්වා ඇත්තේ මෙම පහසුකම භාවිතා කරන පිරිස අවම වීම වුවද, ළමා ආරක්ෂක සංවිධාන සහ විවිධ රටවල නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් එල්ල කළ දැඩි බලපෑම් ද මීට හේතු වී ඇති බව විචාරකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම පණිවිඩ එන්ක්‍රිප්ට් කර තිබීම නිසා ලිංගික අපයෝජන හෝ වෙනත් නීති විරෝධී ක්‍රියා නිරීක්ෂණය කිරීමට ඇති අපහසුව මීට පෙර එම සංවිධාන විසින් පෙන්වා දී තිබුණි.

මෙහිදී සැලකිය යුතු කරුණු කිහිපයක්:
• අද සිට Instagram පණිවිඩ "Standard Encryption" යටතේ පවතින අතර, අවශ්‍යතාවයක් වුවහොත් පණිවිඩවල අන්තර්ගතය නිරීක්ෂණය කිරීමට Meta සමාගමට හැකියාව ලැබෙනු ඇත.

• පරිශීලකයින් හට මෙතෙක් පැවති එන්ක්‍රිප්ට් කරන ලද චැට් (Encrypted chats) වල දත්ත බාගත (Download) කර ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.

• තවදුරටත් දැඩි පෞද්ගලිකත්වයක් (End-to-End Encryption) අපේක්ෂා කරන පරිශීලකයින් හට ඒ සඳහා WhatsApp භාවිතා කරන ලෙස Meta සමාගම යෝජනා කරයි.