
Jaafar Jackson says second Michael movie will address 90s criticism and child abuse allegations
Michael Jackson හට එල්ලවූ ළමා අපචාර චෝදනා සඳහා Michael 2 චිත්‍රපටයෙන් පිළිතුරු ලබාදෙන බවට Jaafar Jackson ප්‍රකාශ කරයි.
GQ Middle East සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් Jaafar Jackson සඳහන් කර ඇත්තේ, Michael චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය හරහා 90 දශකයේදී Michael Jackson ට එල්ල වූ ළමා අපයෝජන චෝදනා සහ විවේචන පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන බවයි. එම චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් කල් ඇසුණේ වෙනත් පාර්ශ්වයන්ගේ කථා පමණක් බවත්, න්‍යායපත්‍රයකට අනුව ගොඩනැගුණු එම කතාන්දර තුළ Michael ගේ පාර්ශ්වයේ හඬ නිසි පරිදි සමාජයට ඇසී නොමැති බවත් ඔහු එහිදී අවධාරණය කර තිබෙනවා.
“පළමු චිත්‍රපටයෙන් අපි ඔහුගේ ආරම්භය ගැන කතා කළා. ඔහු කොතරම් දුක් ගැහැට වින්දත්, ඔහුට කුමන දේවල් කිව්වත් ඔහු අන් අයට කරුණාව දැක්වීම කිසිදා නතර කළේ නැහැ. ඔහුගේ හදවත බිඳී ගියත් ඔහු නිතරම අන් අයගේ යහපත දැකීමට උත්සාහ කළා. දෙවන චිත්‍රපටය තුළින් මේ දේවල් ප්‍රේක්ෂකයින්ට නිසි ලෙස දැනෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.
Antoine Fuqua ගේ අධ්‍යක්ෂණයෙන් 2026 වසරේ මුලදී නිකුත් වූ පළමු Michael චිත්‍රපටය 1988 වසර දක්වා වූ කාලය පමණක් ආවරණය කළ අතර, නෛතික ගිවිසුම්වල පැවති කොන්දේසි හේතුවෙන් 1993 වසරේදී එල්ල වූ Jordan Chandler ගේ චෝදනා ඊට ඇතුළත් කිරීමට නිෂ්පාදකයින්ට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අනුව Lionsgate සමාගම විසින් 2026 අග හෝ 2027 මුල භාගයේදී මෙම නවතම දෙවන චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති අතර 2028 වසරේ නිකුත් වීමට නියමිතයි.
Discussion
No comments yet — start the conversation.