Jurassic World: Dominion becomes the most expensive movie of all time

Jurassic World: Dominion becomes the most expensive movie of all time

2022 වසරේ නිකුත් වූ Jurassic World: Dominion චිත්‍රපටය සිනමා ඉතිහාසයේ වැඩිම පිරිවැයක් දරා නිෂ්පාදනය කළ චිත්‍රපටය ලෙස වාර්තා අතරට, මෑතකදී නිකුත් වූ නිල මූල්‍ය දත්තවලට අනුව මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 658.8 ක මුදලක් වැය වී තිබෙනවා.

මීට පෙර ලෝකයේ මිල අධිකම චිත්‍රපටය ලෙස මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ඇමරිකානු ඩොලර් මිලියන 638.9 ක වියදමකින් නිෂ්පාදනය කළ 2015 වසරේ නිකුත් වූ The Force Awakens චිත්‍රපටයයි. ඒ අනුව පෙර පැවති එම දැවැන්ත මූල්‍ය වාර්තාව සම්පූර්ණයෙන්ම අභිබවා යමින් Jurassic World: Dominion චිත්‍රපටය මෙලෙස සිනමා ඉතිහාසයේ නවතම සන්ධිස්ථානයක් සටහන් කර තිබෙනවා.

Jurassic World: Dominion ඇ.ඩො බිලියන $1.004 ආදයමකුත් Star Wars: The Force Awaken ඇ.ඩො බිලියන $2.071 ආදායමකුත් ලබාගෙන තිබෙනවා.