Justice Minister Harshana Nanayakkara Defends Environment Minister Amid Calls for Resignation

Justice Minister Harshana Nanayakkara Defends Environment Minister Amid Calls for Resignation

ඇතෙකු ආරක්ෂා කිරීමට නොහැකි පරිසර අමාත්‍ය ධම්මික පටබැඳිට ඉල්ලා අස්වන ලෙස එල්ල වන ජනතා විරෝධය හමුවේ අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර ඔහුව ආරක්ෂා කිරීමට ඉදිරිපත් වෙයි.

කාවන්තිස්ස ඇතාගේ අකල් මරණයත් සමඟ පරිසර අමාත්‍ය ධම්මික පටබැඳිට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වී තිබෙන දැඩි ජනතා විරෝධය හමුවේ, ඔහුව ආරක්ෂා කිරීම සඳහා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඉදිරිපත් වී තිබෙනවා.

වෙඩි වැදීමකින් බරපතල තුවාල ලබා සිටි කාවන්තිස්ස ඇතාට නිසි වේලාවට ප්‍රතිකාර ලබා දීමට අපොහොසත් වීම හේතුවෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස ධම්මික පටබැඳි එම වගකීම භාරගෙන වහාම ඉල්ලා අස්විය යුතු බවට මේ වන විට රට පුරා දැඩි හඬක් නැගෙමින් පවතිනවා.

මෙලෙස පරිසර අමාත්‍යවරයාට එරෙහිව එල්ල වන දැඩි විවේචන හමුවේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ධම්මික පටබැඳිව සාධාරණීකරණය කරමින් සහ ඔහුට සහය පළ කරමින් පළවූ සටහන් (Posts) බෙදා ගැනීමට (Share කිරීමට) පියවර ගෙන තිබෙනවා.
රජයේ සහ වනජීවී බලධාරීන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් රටට අහිමි වූ ජාතික සම්පතක් වෙනුවෙන් ජනතාව සාධාරණය ඉල්ලා සිටින මොහොතක, වැරදි නිවැරදි කර ගැනීම වෙනුවට අමාත්‍යවරුන් මෙලෙස එකිනෙකා ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම මොන තරම් තුච්ඡද?