𝕏 launches XChat, a standalone messaging app to rival WhatsApp.

𝕏 launches XChat, a standalone messaging app to rival WhatsApp.

Elon Musk ගේ 𝕏 සමාගම විසින් ඔවුන්ගේ සන්නිවේදන සේවාවන් තවත් පුළුල් කරමින් WhatsApp සමඟ තරග කිරීම සඳහා XChat නමින් නව ස්වාධීන පණිවිඩ හුවමාරු යෙදුමක් හඳුන්වා දෙන්නට යෙදුනා. ප්‍රධාන 𝕏 යෙදුමෙන් බැහැරව, වඩාත් පෞද්ගලික සහ සන්නිවේදනයටම පමණක් අවධානය යොමු වූ අවකාශයක් ලබා දීම මෙහි අරමුණයි.

XChat හි ඇතුළත් සුවිශේෂී විශේෂාංග කිහිපයක් මෙන්න:

දුරකථන අංකයක් අවශ්‍ය නැත: මෙය භාවිත කිරීමට ඔබගේ 𝕏 ගිණුම පමණක් ප්‍රමාණවත් වන අතර ලියාපදිංචි වීමට දුරකථන අංකය ලබා දීම අවශ්‍ය නොවේ.

End-to-End Encryption: මෙහි සියලුම පණිවිඩ සහ ඇමතුම් අන්තයේ සිට අන්තයට සංකේතනය කර ඇති අතර, ඔබ ඇප් එක සඳහා යොදන PIN අංකය පවා උපාංගයෙන් බැහැරව 𝕏 සේවාදායකයන් වෙත (Servers) නොයන බැවින් ඉහළම ආරක්ෂාවක් හිමි වේ.

Group Chats : පුද්ගලයින් 481 දෙනෙකු දක්වා එකවර සම්බන්ධ විය හැකි සමූහ චැට් පහසුකම මෙහි ඇතුළත් වේ.

දැන්වීම් නැත: පෞද්ගලිකත්වය සුරකිමින් කිසිදු වෙළඳ දැන්වීමක් (Ads) හෝ පරිශීලක දත්ත ලුහුබැඳීමක් (Tracking) මෙහි සිදු නොවේ.

Cross-platform Sync: ඔබගේ දුරකථනය, ටැබ් එක හෝ පරිගණකය අතර පණිවිඩ ඉතා ඉක්මනින් Sync වේ.

මීට අමතරව 𝕏 ප්ලැට්ෆෝම් එකේ අක්‍රිය කරන ලද Communities විශේෂාංගය වෙනුවට ද ඉදිරියේදී මෙම ඇප් එක භාවිතා වනු ඇතැයි වාර්තා වේ. දැනට iOS සහ iPadOS සඳහා පමණක් නිකුත් කර ඇති XChat යෙදුම, නුදුරේදීම Android පරිශීලකයින් සඳහා ද ලබා දීමට නියමිතය.