
Lost premiered 22 years ago today
ලොව වැඩිම පිරිවැයක් දරා නිර්මාණය කල කතාමාලාවක් වන Lost විකාශය ආරම්භ වී අදට වසර 22ක් සපිරෙයි.
2004 වසරේ සැප්තැම්බර් 22 වනදා ABC නාලිකාව ඔස්සේ විකාශය ආරම්භ කරමින් ලෝක රූපවාහිනී ඉතිහාසය උඩුයටිකුරු කළ අතිශය ජනප්‍රිය අද්භූත කතා මාලාවක් වන Lost කතා මාලාවට අදට හරියටම වසර 22 ක් සපිරෙනවා. Oceanic Flight 815 ගුවන් යානය අනතුරට ලක්වීමෙන් පසු අද්භූත දූපතකට ගොඩබසින මගීන් පිරිසක් මුහුණ දෙන අභිරහස් සහ පැවැත්ම උදෙසා කරන අරගලය වටා ගෙතුණු මෙම කතා මාලාව, වසර 6 ක් පුරාවට ලොව පුරා ප්‍රේක්ෂකයින් දැඩි කුතුහලයක ගිල්වා තැබීමට සමත් වුණා.
Jeffrey Lieber, J.J. Abrams සහ Damon Lindelof විසින් නිර්මාණය කරන ලද මෙම දැවැන්ත කතා මාලාවේ පළමු කොටස අධ්‍යක්ෂණය කරනු ලැබුවේ J.J. Abrams විසින් වන අතර, එකල රූපවාහිනී නිෂ්පාදනයකට අසාමාන්‍ය වූ ඇ.ඩො මිලියන 10 ත් 14 ත් අතර දැවැන්ත පිරිවැයක් ඒ සඳහා වැය කර තිබුණා.
Matthew Fox, Evangeline Lilly, Josh Holloway, Jorge Garcia, Terry O’Quinn, Naveen Andrews, Daniel Dae Kim සහ Yunjin Kim ඇතුළු විශිෂ්ට රංගන ශිල්පීන් රැසකගේ දායකත්වයෙන් හැඩවුණු මෙය, කතාසමයන් 6 ක් සහ කථාංග 121 ක් පුරා විකාශය වී 2010 මැයි 23 වනදා සාර්ථකව නිමාවට පත් වුණා.
ඇ.ඩෝ මිලියන 494ක දැවැන්ත පිරිවැයකින් නිෂ්පාදනය කල Lost කතාමාලාව Emmy, Golden Globe, BAFTA සම්මාන ඇතුළු විවිධ සම්මාන උළෙලවල් 34ක සම්පූර්ණ සම්මාන 268 යෝජනා වෙමින් එයින් 59ක් දිනාගැනීමට සමත්ව තිබීමද විශේෂත්වයක්.
මෙම කතාමාලාව ලොව වැඩිම වියදමක් දරා නිර්මාණය කල කතාමාලාවන් අතරින් එකක් වන අතර මෙහි එක් කතාංගයක නිශ්පාදන පිරිවැය ඇ.ඩො මිලියන 4ට ආසන්න බවත් පළමු කතාසමයේ පළමු කතාංගය හෙවත් pilot episode එක සඳහා ඇ.ඩො මිලියන 14කට ආසන්න මුදලක් වැය වී ඇති බවට වාර්තා වෙනවා.
Hawaii හි Oahu දූපතේ ස්වභාවික වටපිටාව තුළ රූගත කෙරුණු Lost, සංකීර්ණ තිර රචනය, චරිතවල අතීතය දිගහැරෙන flashbacks ක්‍රමවේදය සහ විද්‍යා ප්‍රබන්ධ අංගයන්ගේ සුසංයෝගය හේතුවෙන් Emmy සම්මාන රැසක් දිනාගැනීමට සමත් වුණා. කතා මාලාව අවසන් වී දශකයකට අධික කාලයක් ගතවුවද streaming වේදිකා ඔස්සේ තවමත් නව රසිකයින් ආකර්ෂණය කරගන්නා Lost, අදටත් ලෝක රූපවාහිනී කතාමාලා ඉතිහාසයේ බිහිවූ අසමසම විශිෂ්ටතම නිර්මාණයක් ලෙස රසිකයින්ගේ නොමඳ ආදරයට පාත්‍ර වනවා.
Discussion
No comments yet — start the conversation.