
Best of the Best movie IMDb rating drops further to 4.5
est of the Best IMDb rating plummets further to 4.5. Amid united Sri Lankan protests against Maitreyi Ramakrishnan's controversial statements promoting separatism and terrorism, the film's rating continues to crash, showcasing their collective strength.
ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව හමුවේ Maitreyi Ramakrishnanගේ Best of the Best හි IMDb අගය 4.5 දක්වා ශීඝ්‍රයෙන් පහත වැටෙයි.
කැනේඩියානු ජාතික නිළි Maitreyi Ramakrishnan රංගනයෙන් දායක වූ නවතම චිත්‍රපටය වන Best of the Best හි IMDb අගය මේ වන විට 4.5 දක්වා තවදුරටත් ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා. බෙදුම්වාදය සහ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය වන අයුරින් ඇය විසින් සිදුකරන ලද මතභේදාත්මක ප්‍රකාශයන්ට එරෙහිව සමස්ත ශ්‍රී ලාංකිකයින් විසින් අඛණ්ඩව දක්වන දැවැන්ත විරෝධයේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස එහි අගය තවදුරටත් අවම මට්ටමකට කඩා වැටී තිබෙනවා.
ඒ අනුව රටේ ඒකීයභාවය සහ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ලාංකික එකමුතුකමේ සැබෑ ශක්තිය ලොවටම පෙන්නුම් කරමින් Best of the Best චිත්‍රපටයේ IMDb ශ්‍රේණිගත කිරීම් මේ වන විටත් අඛණ්ඩව පහළ බසිමින් පවතින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Discussion
No comments yet — start the conversation.