
Indian users begin rating 10/10 for Maitreyi Ramakrishnan’s latest movie on IMDb
Indian users begin rating 10/10 for Maitreyi Ramakrishnan's latest movie on IMDb. This follows Sri Lankans review-bombing it with 1/10 votes over her controversial statements. A fierce rating war has now erupted on the platform between the two sides.
ශ්‍රී ලාංකිකයන් Maitreyi Ramakrishnan ගේ චිත්‍රපටයට IMDb හි අවම මනාපයන් දීම හේතුවෙන් ඉන්දියානුවන් එම චිත්‍රපටයට 10/10 ඉහළම මනාප ලබා දීම ආරම්භ කරයි
කැනේඩියානු ජාතික නිළි Maitreyi Ramakrishnan සිදුකළ මතභේදාත්මක ප්‍රකාශයත් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයින් විසින් ඇයගේ නවතම චිත්‍රපටය වෙනුවෙන් IMDb හි 1/10 මට්ටමේ අවම මනාප ලබා දෙමින් එහි අගය සීඝ්‍රයෙන් පහත හෙළීමට කටයුතු කළ පසුබිමක, ඊට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාවේ පරිශීලකයින් විසින් අදාළ චිත්‍රපටය වෙත 10/10 ඉහළම මනාප ලබා දීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලාංකිකයන් දැක්වූ දැවැන්ත විරෝධය හමුවේ චිත්‍රපටයේ IMDb අගය ශීඝ්‍රයෙන් බිඳවැටීමත් සමඟ, දකුණු ඉන්දියාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් සහ ඇයගේ ආධාරකරුවන් එක්ව චිත්‍රපටයේ අගය නැවත ඉහළ නැංවීමේ අරමුණින් මෙලෙස සංවිධානාත්මකව ඉහළම ලකුණු ලබා දෙමින් සිටින බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් මේ වන විට IMDb වේදිකාව තුළ දෙපාර්ශවය අතර දැඩි මනාප සටනක් නිර්මාණය වී තිබෙනවා.
අපි පරාද වෙන්න ඕනේ නෑනේ නේද?
Discussion
No comments yet — start the conversation.