Maitreyi Ramakrishnan’s Best of the Best becomes Netflix’s third most 1-starred movie on IMDb

Maitreyi Ramakrishnan’s Best of the Best becomes Netflix’s third most 1-starred movie on IMDb

Maitreyi Ramakrishnanගේ Best of the Best Netflix චිත්‍රපට අතරින් IMDb දර්ශකයේ වැඩිම 1-star මනාප සංඛ්‍යාවක් ලබාගත් තෙවන චිත්‍රපටය බවට පත්වෙයි.

Maitreyi Ramakrishnan රංගනයෙන් දායක වන සැප්තැම්බර් 18 වනදා Netflix හරහා නිකුත් වූ Best of the Best චිත්‍රපටය, IMDb දර්ශකයේ වැඩිම 1-star මනාප සංඛ්‍යාවක් ලබාගත් තෙවන Netflix චිත්‍රපටය බවට පත්ව තිබෙනවා. මෙම චිත්‍රපටය වෙනුවෙන් ලැබී ඇති සමස්ත මනාප 24,000 න් 14,000 ක් 1.0/10 මට්ටමේ අවම මනාපයි. මේ වන විට මෙම චිත්‍රපටයට ලැබෙන අසාමාන්‍ය මනාප රටාව හේතුවෙන් IMDb ආයතනය විසින් මේ සඳහා unusual voting activity නමැති අනතුරු ඇඟවීමේ නිවේදනයක් පවා එක් කර ඇති අතර, මනාප ලබාදුන් රටවල් අතරින් ඉදිරියෙන්ම පසුවන්නේ ශ්‍රී ලංකාවයි.

IMDb දර්ශකයේ වැඩිම 1-star මනාප ලබාගත් Netflix චිත්‍රපට ලැයිස්තුවේ පළමු ස්ථානයේ 1-star මනාප 32,000 ක් ලබාගත් 365 Days චිත්‍රපටයත්, දෙවන ස්ථානයේ 1-star මනාප 23,000 ක් ලබාගත් Cuties චිත්‍රපටයත් රැඳී සිටින අතර, මීට පෙර මෙම ලැයිස්තුවේ 3 වන ස්ථානයේ රැඳී සිටියේ 1-star මනාප 12,000 ක් ලබාගත් 365 Days: This Day චිත්‍රපටයයි. දින 7ක් වැනි ඉතා කෙටි කලක් තුළ Best of the Best තුන්වන ස්ථානයට පත්වීමට සමත්ව තිබෙනවා.

චිත්‍රපටයේ ප්‍රවර්ධන වැඩසටහන් අතරතුර Maitreyi Ramakrishnan විසින් සිය ජාතික අනන්‍යතාවය Eelam ලෙස හඳුන්වමින් ශ්‍රී ලංකාවේ යුද්ධය පිළිබඳව සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය මුල් කරගනිමින් එල්ල වන දැවැන්ත විරෝධය හමුවේ චිත්‍රපටයේ ප්‍රේක්ෂක ශ්‍රේණිගත කිරීම් අඛණ්ඩව කඩා වැටෙමින් පවතිනවා.

මේ ආකාරයේ නොමැකෙන වාර්තාවක් තැබීම වෙනුවෙන් අපිත් සමඟ එකතු වෙමින් සහයෝගය ලබා දුන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට අපගේ හදපිරි ස්තූතිය පුද කර සිටිනවා.

______________________________________

P.S. මෙම සියලු දත්ත අප වෙනත් කිසිදු ස්ථානයකින් උපුටා නොගෙන අප විසින්ම එකින් එක පරීක්ෂා කර තහවුරු කරගන්නා ලද අතර, වෙනත් පාර්ශවයන් විසින් මෙම පුවත උපුටා ගෙන පළකිරීමේදී මූලාශ්‍රය (source) සඳහන් කිරීමට කාරුණික වන්න.