
Michael Bay in final talks to direct next Transformers movie
වසර ගණනාවකට පසු මීළඟ Transformers චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම සඳහා එහි මුල් අධ්‍යක්ෂක Michael Bay මේ වන විට අවසන් වටයේ සාකච්ඡා පවත්වමින් සිටින බව හොලිවුඩයෙන් වාර්තා වනවා. මීට සමගාමීව ප්‍රවීණ සුපිරි අධ්‍යක්ෂ Steven Spielberg ද මෙම නව චිත්‍රපටයේ ප්‍රධාන නිර්මාණාත්මක නිෂ්පාදකවරයෙකු (creative producer) ලෙස යළිත් එක්වීමට නියමිතයි.
2007 සිට 2017 දක්වා ලොව පුරා අතිශය ජනප්‍රිය වූ පළමු Transformers චිත්‍රපට පහම අධ්‍යක්ෂණය කරමින් ඇමරිකානු ඩොලර් බිලියන 4.38ක දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායමක් උපයා දුන් Michael Bay, මෙම නව නිර්මාණයේ අවසන් සංස්කරණය තීරණය කිරීමේ පූර්ණ නිර්මාණාත්මක බලය (final cut privilege) තමන් වෙත ලබාගැනීම සම්බන්ධයෙන් මේ වන විට අදාළ සමාගම් සමඟ අවසන් එකඟතාවයන් සාකච්ඡා කරමින් පවතින බව සඳහන්.
නවතම ඒකාබද්ධ Skydance සහ Paramount සමාගම් එක්ව නිෂ්පාදනය කරන මෙහි තිර රචනය Jason Fuchs විසින් සිදු කරන අතර, Lorenzo di Bonaventura ඇතුළු පැරණි නිෂ්පාදක මඬුල්ල ද මීට එක්වීමට නියමිතයි. කෙසේ වෙතත් මෙහි රංගන ශිල්පීන් හෝ තිරගත වන දිනයක් පිළිබඳව මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.
Discussion
No comments yet — start the conversation.