Michael has become Lionsgate’s biggest film of all time, crossing $898 million at the global box office.

Michael has become Lionsgate’s biggest film of all time, crossing $898 million at the global box office.

ලොව පුරා දැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් Michael චිත්‍රපටය මේ Lionsgate සමාගමේ ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය බවට පත්වෙමින් නවතම වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ මේ වන විට ඇ.ඩො මිලියන 898ක දැවැන්ත ගෝලීය බොක්ස් ඔෆිස් ආදායමක් උපයා ගනිමින්.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ඇමරිකානු ඩොලර් මිලියන 865ක පමණ ආදායමක් ලබාගත් 2013 වසරේ නිකුත් වූ The Hunger Games: Catching Fire සහ ඩොලර් මිලියන 848ත් 868ත් අතර ආදායමක් වාර්තා කළ 2012 වසරේ නිකුත් වූ The Twilight Saga: Breaking Dawn - Part 2 යන චිත්‍රපටයි. එම ආදායම් වාර්තා සියල්ල අභිබවා යාමට Michael චිත්‍රපටයට මේ වන විට හැකියාව ලැබී තිබීම සුවිශේෂී කරුණක් වනවා.

එළඹෙන ජූනි මස 13 වැනිදා Japan තුළද මෙම චිත්‍රපටය අති උත්කර්ෂවත් අන්දමින් තිරගත වීමට නියමිතව පවතිනවා. මෙවැනි සංගීතමය සහ චරිතාපදාන චිත්‍රපට සඳහා එරට ප්‍රේක්ෂකයන්ගෙන් සෑම විටම ඉහළ ප්‍රතිචාර හිමිවන බැවින්, අදාළ තිරගත වීමත් සමග මෙම චිත්‍රපටයේ මුළු ආදායම ඉතා පහසුවෙන්ම ඇ.ඩො බිලියනයේ සීමාව පසුකරනු ඇති බවටයි සිනමා විචාරකයන් විසින් මත පළ කර ඇත්තේ.

එය එසේ සිදු වුවොත් 2026 වසරේ ඇ.ඩො බිලියනය සීමාව පසු කල දෙවන චිත්‍රපටය සහ ඇ.ඩො බිලියනය සීමාව පසු කල පළමු චරිතපදාන චිත්‍රපටය බවට Michael පත් වනු ඇති. ඔබට මොකද හිතෙන්නේ එහෙම වෙයිද?