Mitsubishi president expresses desire to produce Lancer Evolution again

Mitsubishi president expresses desire to produce Lancer Evolution again

Mitsubishi සමාගමේ සභාපති Keisuke Kishiura විසින් ඉදිරියේදී යළිත් Lancer Evolution වැනි අතිශය ජනප්‍රිය මෝටර් රථ මාදිලිවල නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබෙනවා. පසුගියදා පැවති සමාගමේ කොටස්කරුවන්ගේ රැස්වීමකදී Lancer Evolution, Diamante සහ Galant වැනි රථ නැවත වෙළඳපොළට හඳුන්වා දෙන ලෙසට ඉදිරිපත් වූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබුණා.

Mitsubishi සමාගම විසින් මෙම අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබූ Lancer Evolution මෝටර් රථ මාදිලියේ නිෂ්පාදන කටයුතු 2016 වසරේදී සම්පූර්ණයෙන්ම නතර කරන ලදී.

මෙම ජනප්‍රිය මාදිලි තම සමාගමට ඉතා වටිනා සම්පත් බව පෙන්වා දුන් Keisuke Kishiura, අනාගතයේදී යළිත් එවැනි සුපිරි මෝටර් රථ නිපදවිය හැකි ශක්තිමත් තත්ත්වයකට Mitsubishi සමාගම පත් කිරීම සිය ප්‍රධාන අරමුණ බව වැඩිදුරටත් අවධාරණය කර සිටියා.