
Mohombi and Arash to arrive in Sri Lanka on October 24.
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ ජාත්‍යන්තර සංගීත තරු ද්විත්වයක් වන Mohombi සහ Arash එළඹෙන ඔක්තෝබර් මස 24 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. එදින Port City Colombo හිදී පැවැත්වීමට නියමිත Ceylon Music Festival 2026 දැවැන්ත සංගීත ප්‍රසංගය සඳහා සහභාගී වීමේ අරමුණින් ඔවුන් මෙලෙස දිවයිනට පැමිණෙන බවයි සංවිධායකයින් විසින් නිල වශයෙන් තහවුරු කර ඇත්තේ.
Grammy සම්මානලාභී ගායකයෙකු වන Mohombi සහ Boro Boro, Broken Angel වැනි ගීත හරහා ලොව පුරා අතිමහත් ජනප්‍රියත්වයක් දිනාගත් Arash ගේ මෙම පැමිණීම ශ්‍රී ලාංකික සංගීත රසිකයින්ට සුවිශේෂී අත්දැකීමක් වනු නොඅනුමානයි. මෙම දැවැන්ත සංගීත සැඳෑවේදී ඔවුන් දෙදෙනා සමඟින් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත ශිල්පීන් රැසක් ද එකම වේදිකාවක සිය කලා කුසලතාවයන් දැක්වීමට නියමිතව ඇති අතර, මෙය මෙරට විනෝදාස්වාද ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇති බවට වැඩිදුරටත් වාර්තා වනවා.
Discussion
No comments yet — start the conversation.